
(සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසිනි
ත්රස්තවාදයට සම්බන්ධ වැරදි සඳහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට හැකියාව තිබෙන හෙයින් පුළුල් බලතල සහිත ස්ථිර ත්‍රස්ත විරෝධී නීතියක් රටට කිසිසේත්ම අවශ්‍ය නොවන බව එම යෝජනාවේ දැක්වේ.
එසේ හෙයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා වහාම පියවර ගත යුතු බවටද ඔහු වැඩිදුරටත් යෝජනා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd