(නිමන්ති රණසිංහ)
‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිණීය වන තිළිණී ප්‍රියමාලි නැමැත්තියට ලබාදුන් රත්‍රන් කිලෝවක් විකිණීමට සෘජුව දායකත්වය දැක්වූ බව කියන එම සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව වැඩබල මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද (28) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා නමැති ‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ අධ්‍යක්ෂවරයෙකි.
මෙම සැකකරු සමග අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව අත්අඩංගුවට ගත් එම රත්‍රන් මිලට ගත් බව කියන ජා ඇල දුම්රිය පල පාරේ ස්වර්ණාභරන වෙළෙද සැලක හිමිකරුවකු රුපියල් පනස් දහසක මුදල් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ද අධිකරණය නියෝග කළේය.
මෙම සැකකරු ඔහු මිලට ගත් රන් පවුම් 40ක් සහ ඔහු විකුණූ බව කියන පවුම් 20ට අදාළ රුපියල් ලක්ෂ 30ක මුදලක් ද තමන්ට භාරදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට කරුණු වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd