(ඉන්දිකා රාමනායක)
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය එම 34 වන මහල වෙනුවෙන් මාස කිහිපයක් වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න කුලී මුදල් පවා ගෙවා නොමැති බවට විමර්ශන වලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මසකට රුපියල් ලක්ෂ 16 බැගින් මාස 08 කාලයක් වෙනුවෙන් ඇය කුලී මුදල් ගෙවා නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
කුළී මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව මෙතක් ලැබී ඇති පැමිණිලි 11 අනුව සිදුකළ විමර්ශනයේ මේ සම්බන්ධයෙන් හෙළි වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
34 වන මහලේ කුළී මුදල් නොගෙවීම සම්බන්ධයෙන් අදල ආයතනය මේ දක්වා සැකකාරියට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත්, ඉදිරියේ ඔවුන් ඒ සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව පැමිණිලි කිරීමට සුදානමින් සිටින බවට වාර්තා වන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකාරියට එරෙහිව මේ දක්වා ලැබී ඇති පැමිණිලි 11 අනුව විමර්ශන සිදුකරන බවත්, මෙම සැකකාරිය සමග එක්ව මෙම වංචා සදහා ආධාර අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වී සිටින ජානකී සිරිවර්ධන නැමැති කාන්තාව ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජානකී විජේරත්න අදිසි හස්තයකින් බේරාගනීවි.
තිලිනි ඔයා මදේ නැති ආප්ප ගහන්න දන්නවද ?අපි බලාගෙන ඉන්නේ ඔයා මෙහෙ එනකම්
ජනක විජේරත්නද?නැත් නම් ජානකී සිරිවර්ධනද ?