IMG-LOGO

තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මාස කීපයක කුලී ගෙවා නෑ

(ඉන්දිකා  රාමනායක)

ලෝක වෙළෙඳ  මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක්  පවත්වාගෙන යමින්  පුද්ගලයන්  රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා  කළ බව කියන සිද්ධිය   සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන  රිමාන්ඩ් බාරයට පත්කර සිටින  තිළිණි ප්‍රියමාලි   නමැත්තිය එම 34 වන මහල වෙනුවෙන් මාස කිහිපයක් වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න   කුලී මුදල් පවා ගෙවා නොමැති බවට විමර්ශන වලදී හෙළි වී  ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මසකට රුපියල්  ලක්ෂ 16 බැගින් මාස 08 කාලයක් වෙනුවෙන්  ඇය  කුලී මුදල් ගෙවා නොමැති බවද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
කුළී මුදල් නොගෙවීම  සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව මෙතෙක්  පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්  සැකකාරියට එරෙහිව මෙතක් ලැබී ඇති පැමිණිලි 11 අනුව සිදුකළ විමර්ශනයේ මේ සම්බන්ධයෙන් හෙළි වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

34 වන මහලේ කුළී මුදල් නොගෙවීම  සම්බන්ධයෙන් අදල ආයතනය මේ දක්වා සැකකාරියට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත්, ඉදිරියේ ඔවුන් ඒ  සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව පැමිණිලි කිරීමට සුදානමින් සිටින බවට වාර්තා වන බවද   පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකාරියට එරෙහිව  මේ දක්වා ලැබී ඇති  පැමිණිලි 11 අනුව විමර්ශන සිදුකරන බවත්,  මෙම සැකකාරිය සමග එක්ව මෙම වංචා  සදහා ආධාර අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වී සිටින ජානකී සිරිවර්ධන නැමැති කාන්තාව ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



අදහස් (3)

තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මාස කීපයක කුලී ගෙවා නෑ

සෙනෙවිරත්න Tuesday, 25 October 2022 11:44 PM

ජානකී විජේරත්න අදිසි හස්තයකින් බේරාගනීවි.

:       0       3

seelawahtee Wednesday, 26 October 2022 12:20 AM

තිලිනි ඔයා මදේ නැති ආප්ප ගහන්න දන්නවද ?අපි බලාගෙන ඉන්නේ ඔයා මෙහෙ එනකම්

:       0       1

Rocky Wednesday, 26 October 2022 06:16 AM

ජනක විජේරත්නද?නැත් නම් ජානකී සිරිවර්ධනද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site