(රොමේෂ් මධුෂංඛ)
යුද සමයේ දී මිය ගිය මහවිරුවන් සිහිපත් කර යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු සැමරීමක් සිදු නොකරන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් පනවා තිබූ තහනම් නියෝගය නොසළකා හරිමින් එහි සිසුන් පිරිසක් අද (27) මහවිරු සැමරීමක් සිදුකර තිබේ.
යාපනය විශ්ව විද්‍යාල භූමියේ පිහිටි යුද්ධයෙන් මිය ගිය අය වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකය ඉදිරිපිටදී මෙම මහවිරු සැමරුම් සිදුකර ඇති අතර ඒ සඳහා විශ්ව විද්‍යාලයේ සිසුන් 50 දෙදෙනෙකු සහභාගී වී මහවිරුවනට පුෂ්පෝපහාර දක්වා ඇත.
කෙසේ වෙතත් ඊයේ දින යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ 26, 27 හා 28 දිනයන්හි විශ්ව විද්‍යාල භූමිය තුළ මහවිරුවන් සැමරීමට කිසිදු සිසුවකුට ඇතුළු විය නොහැකි බවටත් එසේ ඇතුළු වී සැමරුම් සිදු කරන සිසුන් හට විනයානුකූල පරික්ෂණයක් සිදුකරන බවයි.
කෙසේ වෙතත් අද දින එම තහනම නොසළකා හරිමින් සිසුන් පිරිසක් සරසවියේ ස්මාරකය ඉදිරිපිට මෙසේ මහවිරු සැමරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර මෙලෙසින් යපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිසුන්ට මහවිරු සැමරුමක් තහනම් කරනු ලැබුවේ පළමු වතාව වීමද විශේෂත්වයකි.
පසුගිය මහවිරු සැමරුම් දිනයන්හි යාපනය විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ කාර්යාල තුළ තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ පෝස්ටර් තිබී සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ද පත්විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"එක රටක්. එක නීතියක්. ඔය සෙල්ලම් මාත් එක්ක බෑ" කියලා නේද කිව්වේ..? අපිත් හිතුවා ඇත්ත වෙන්න ඇති මේ කියන්නේ කියලා. දැන් බැලුවාම දෙකම එකයි වගේනේ...
මොවුන්ට ඕනේ අලුත් ජනාධිපති සමග ගැටුමක් ඇතිකර ගැනීමටත් එය විදෙස් ප්‍රජාවට හුවා දක්වමින් මේ රටේ ජනාධිපතිවරයා සුළු ජාතීන්ට හිරිහැර කරන බවට ව්‍යාජ මතයක් ගෙන යන්නයි. මාර්තුවේ ආණ්ඩුව විසුරවා නව රජයක් ඇතිකර ගන්නා තෙක්, මේ අයියලාගේ සරඹ දෙස දයානුකම්පාවෙන් බලාසිටිමු...
ඒ කියන්නේ ජනාධිපති කියන දේවත් අහන්නේ නැති පාටයි
මෙන්න ආයෙත් කොටි නැගිටිනවා. කෝ මේ අපේ රාවන බලය, අර සේනාව, මේ බලකාය ? රටකට ගිය කල කියලා කෑගැහුවා.
මම හිතුවා විරු, මහාවිරු ගැන කතාවත් නොකරයි කියලා...
කෝ මේ කස්ටිය. අනේ මේක යහපාලන කාලේ උනා නම් මේ අය කෑගහන තරම්.
කෝ මේ විමල්වීරවංශ, ගම්මපිල?
ඒ මිනිසුන්ගේ පවුල්වල නැතිවෙච්ච ආදරය මව්පියන් සහෝදර සහෝදරියන් සමරන එක වළක්වන්න කාටද අයිතියක් තියෙන්නේ? ඒ මිනිසුන් හමුදාවේ මෝටාර් වලට අහුවෙලා මරුනනම් ඒ මිනිසුන් ඒ මිනිසුන්ගේ ජාතියේ නිජබිමක් වෙනුවෙන් සටන් කළා. අපි කියන විදියට ත්රස්තයන් තමයි ඒ මිනිසුන්ට විරුවන් වන්නේ. නීති දැම්මට සිතුවිලි මරන්න පුලුවන්ද. අපි හැමෝමම මනුෂ්‍යයෝයි.
එකම ශ්‍රී ලංකාවක් තුල, ජාතිය කුමක් උවත්, සැබෑ ලාංකිකයන් ලෙස ජිවත් වීමට නැවත උගන්වමු.
මුත්තාගේ කතාව ඇත්ත. වෙන පක්ෂයක ආණ්ඩුව කාලෙනම් දේශප්‍රේමීන් කෑගහන හැටි බලන්න තිබුණා. කෝ.. මේ දේශ ප්‍රේමියෝ...? ලංකා සී නිව්ස් ශබ්දයක් නැහැ..!