IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තවත් ඝාතන තැතක් වරදී:5ක් අත්අඩංගුවට

( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මනුෂ්‍ය ඝාතනයකට බන්ධනාගාර ගතව සිට දින විස්සකට පෙර ඇප මත නිදහස්ව තවත් මනුෂ්‍ය ඝාතනයක් සඳහා සැලසුම් සකස් කරමින් සිටි වෙඩික්කරුවකු ඇතුළු පස් දෙනකු යතුරු පැදියක් ව්‍යාජ අංක තහඩු තුනක් ජංගම දුරකථන හතරක් සමග අද (10) දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය රත්මලාන වේරහැර හා අගුලාන ප්‍රදේශවල පදිංචි (18 - 33) පස්දෙනෙකු බව පොලිසිය කියයි.

ගල්කිස්ස වීරසේන සිල්වා මාවතේ මහල් නිවාස සංකීර්ණයක සැකකටයුතු කල්ලියක් රැඳී සිටින බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට බුද්ධි තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව නිලධාරි කණ්ඩායමක් ගල්කිස්ස වීරසේන මාවතේ මහල් නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසින් පිටතට පැමිණි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 තිබී හමු වී තිබේ.

පසුව  ඔහු අත් අඩංගුවට ගෙන රැදී සිටි නිවස පරීක්ෂා කිරීමේදී එහි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු  රැඳී සිට ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ අංක තහඩු තුනක් හා  ජංගම දුරකථන හතරක් බාරයට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංකගේ ප්‍රධාන ගෝලයකු වන දෙහිවල සැන්ඩ්‍රෝ නැමැත්තා තමන්ට මෙම නිවසේ රැඳී සිටින ලෙසට උපදෙස් දුන් බවත් ඒ සදහා  යතුරු පැදියක අංක තහඩු වෙනස්කොට මනුෂ්‍ය ඝාතනයක් සඳහා  යාමට සංඥාව ලබාදෙන තෙක් රැඳී සිටින ලෙසට උපදෙස් ලැබුනු  බවත් පොලීසියට පවසා තිබේ.

ඒ අනුව  සංවිධානාත්මක අපරාධ කරුවන්  වන කොස්මල්ලිගේ හෝ චූවා සමන්තගේ සමීපතමයකු මෙසේ ඝාතනය කරන්නට සැලසුම් සකස් කරමින් සිට ඇති බවට පොලිසිය සැක කරයි.

පසුව සැකකරුවන්ගෙන් ලද තොරතුරකට අනුව ඝාතනය සඳහා යාමට සඟවා තිබූ යතුරු පැදිය කවුඩාන පාරේ නිවසක තිබී පොලිස් භාරයට ගත් බවත් එහි චැසි හා එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා ඇති බවත් පැවසේ .



අදහස් (3)

තවත් ඝාතන තැතක් වරදී:5ක් අත්අඩංගුවට

වින්සන්ට් කජ්ජා Wednesday, 10 December 2025 06:57 PM

අපරාධ ලෝකයේ ගෝඩ් ෆාදර් වුණත් වැඩක් නෑ... සමන්ත වගේ නමක් තිබිලා...

:       0       10

කුඩුමල් Wednesday, 10 December 2025 07:01 PM

දවසේ වෙඩිල්ල ගැන දොඩවන නාලිකාවලට හරි දුක ඇති...

:       4       17

Nipuna Thursday, 11 December 2025 09:09 AM

මේ වගේ පුද්ගලයින්ට ඇප දීම ගැන තව දුරටත් සිතා බැලිය යුතුයි. මේ සම්බන්ධ නීති වෙනස් වේවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 560 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site