
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
පාර්ලිමේන්තුවේ සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකුගේ ඥාතියකුගේ නිවසේ මෙම ජිප් රථය ගාල් කර තිබු බවත්, ජිප් රථය පොලිස් භාරයට ගන්නා අවස්තාවේ එහි නිතියානුකුල ලියකියවිලි කිසිවක් නොතිබුණු බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙක් කිය.
ජිප් රථයට අදාල සියළුම ලියකියවිලි පොලිසිය වෙත ඉදිරිපත් කරන බව එම නිවසේ හිමිකරුවන් විසින් දැනුම් දුන් බව නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවලාට, පුතාලාට, ඥාතීන්ට විතරක් නොවේ... ගෙදර බල්ලන්ටත් වාහන ජනතාව ගානේ. මේ වෙනකං තිබුණු ආණ්ඩු කරලා තියෙන දූෂණය, නාස්තිය හිතාගන්නත් බැරි තරම් වගේ. මේවා නොවී නීතියක් තිබුණා නම්, මේ වෙනකොට අපි තරමක් හරි දියුණු රටක්...!
මීට වසර 35 කට විතර ඉස්සර නම් මේකත් සැප රියක් තමයි. මේක මේ රජයේ ආයතනයකින් වෙන්දෙසි කරපු කබල් වාහනයක්නේ...
තාම මාකට් වාහනයක්, තමන්ගේ අයිතිය වහාම පෙන්නුව නම් ප්‍රශ්නයක් නැහැනෙ.