
2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ.
මීට පෙර, ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය ද ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු කළේය. ඒ, ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් අනුවය.
කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේ ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව පැවැසිණි.
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට අත්හිටුවීමට කටයුතු කළ නවතම ප්‍රාන්තය වන්නේ මේන් ප්‍රාන්තයයි.
මේන් ප්‍රාන්ත මැතිවරණ කාර්යාංශය පැහැදිලි කර ඇත්තේ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුවතමන් මෙම පියවර ගත් බවය.
එහෙයින්, ඩොනල්ඞ් ට්‍රම්ප්ට කොලරාඩෝ ප්‍රාන්තයෙන් මෙන්ම, මේන් ප්‍රාන්තයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකිය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 2024 වසරේ නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙනු ඇත. වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වී සිටින්නේ ට්‍රම්ප්ය.
(සී.එන්.එන්.)
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1560
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයි
sam Friday, 29 December 2023 07:41 PM
2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පැමිණීමට නොහැකි තත්වයකට පත්වෙමින් තිබේ. ඔහුට අධිකරණයේදී නඩු රාශියකට මුහුණදී විසඳාගැනීමට ඇත. 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණදී අමරිකානු දේශපාලනය වෙනස් මුහුණුවරක් ගනු ඇත....