(අංජුල මහික වීරරත්න)
"සුපර් මුස්ලිම්" නමින් යම් අන්තවාදී මතවාදයක් මුස්ලිම් සමාජයේ ගොඩ නැගෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැගෙනහිර පළාතේ පැවති ජනහමු කිහිපයක් අමතමින් පැවසීය.
එය පොදු මුස්ලිම් ජනතාවගේ කැමැත්ත නොවන බව කී ජනාධිපතිවරයා එවැනි අදහස් මුස්ලිම් ජනතාවගේ ආගමට හිතකරදැයි ප්‍රශ්න කළේය.
"නබි නායකතුමා කෙදිනකවත් නොකියන ලද කරුණු මත විකෘති අන්තවාදී ප්‍රවණතාවයක් යනවා.එය අනතුරුදායක නැද්ද?ඊට විරුද්ධව ආරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු නැද්ද? අපි එහෙම ක්‍රියාමාර්ග ගන්නවා.එය මුස්ලිම්වරුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගයක් නොවේ.මුස්ලිම් ජනතාව ඇතුළු සියලු ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ග ගන්නවා.
මේ රටේ සාතිශය පොදු මුස්ලිම් ජනතාව ආණ්ඩුව සමඟ ඉන්නවා.ආණ්ඩුව ඔබේ මෙන්ම පොදු මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග වලට මුස්ලිම් ජනතාව එකඟතාවයෙන් ක්‍රියා කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා කින්නියා, කන්තලේ සහ මඩකලපුව ප්‍රදේශ වලදී මෙම ජන හමු සංවිධාන කර තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
තවත් අන්තවාදයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්
fairoosmr Sunday, 13 April 2025 05:44 PM
ජයවේවා..!