
(අංජුල මහික වීරරත්න)
තව මාස කිහිපයකින් සියලූම රාජ්‍ය සේවකයින්ට තවත් මූලික වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් ආරම්භ කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමෙි වෘත්තීය ක්‍රියා මාර්ගය පිළිබඳව අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.
ග්‍රාම නිලධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ට මූලික වැටුපට අදාළව දිය හැකි දීමනා ලබා දී ඇතැයි නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සඳහන් කළේය.
2025 වසරේදී සහ මේ වසරේදී රාජ්‍ය නිලධාරීන්ට මූලික වැටුප් වැඩිවීමක් සිදුකර ඇති බව කී අමාත්‍යවරයා 2027 වසරේදීත් මූලික වැටුප් වැඩිවීමක් සිදුවන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd