
(යොහාන් භාසුර සහ ශාන්ත චන්ද්‍රසිරි)
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමෙන් එම මාර්ගය දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අදාල දුම්රිය පීලිගතකරණ තෙක් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බව කී එම නිලධාරියා අනතුරට පත්වූ දුම්රිය පීලිගත කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන ‘උඩරට මැණිකේ’ දුම්රියට සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන ‘පොඩි මැණිකේ’ දුම්රියට මගීන් අනතුර වූ ස්ථානය ආසන්නයේදී මාරු කිරීමට පහසුකම් සළසා ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට පවත්වාගෙන යාමට නොහැකි සේවයක්. පෞද්ගලික අංශයට ඉඩ දෙන්න...