(අංජුල මහික වීරරත්න)

තමිල්නාඩු මහ ඇමති  ධුරයට පත් වූ සී. ජෝසප් විජේට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව සුබ පැතුම් එක් කිරීම දැකීමෙන් පුදුමයට පත් වූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදේශීය පළාත් නායකයින් සඳහා රාජ්‍ය නායකයෙකු ලෙස එවැනි සුබ පැතුම් පණිවිඩ යැවීමේ සම්ප්‍රදායක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

අලුතින් තේරී පත් වූ බටහිර බෙංගාල මහ ඇමති සුවෙන්දු අධිකාරි හෝ ඇසෑම් මහ ඇමති හිමන්ත බිස්වා ෂර්මාට ජනාධිපති දිසානායක සුබ පැතුම් පණිවිඩයක් ලබා දී නැත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ප්‍රශ්න කරයි.