(අංජුල මහික වීරරත්න)
තමිල්නාඩුවේ නව මහ ඇමති ධුරයට පත්වූ තලපති විජේට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පතා තිබේ.
විපක්ෂ නායකවරයා මෙම සුබ පැතුම් පළ කරන්නේ එක්ස් පණිවිඩයක් තබමිනි.
"තමිල්නාඩුව සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කළ ප්‍රධාන අමාත්‍ය විජේ (@actorvijay) මැතිතුමාට මාගේ උණුසුම් සුබපැතුම් එක් කරමි.
සමාජ සාධාරණත්වය සහ ආගමික කටයුතු විෂයයෙහි රාජ්‍ය අත පෙවීම් සිදු නොකිරීමේ ස්ථාවරය පදනම් කරගත් නව යුගයක් පිළිබඳව ඔබ විසින් අදහස් දක්වන ලදී. ඉතිහාසය අපට පෙන්වා දී ඇත්තේ වෛරය සහ පැරණි තුවාල මත පමණක් ගොඩනැඟුණු සමාජ අවසානයේ හුදකලා වන බවත්, සාධාරණත්වය සහ සහජීවනය මත ගොඩනැඟුණු සමාජ විසින් මිනිසුන් සැබවින්ම ජීවත් වීමට කැමති අනාගතයක් නිර්මාණය කරනු ලබන බවත්ය.
ලෝකය දැනටමත් බෙදීම්වලින් පිරී පවතී. අපේ කලාපය පුරා සිටින ජනතාව සැබවින්ම අපේක්ෂා කරන්නේ භාෂාව, ආගම හෝ අනන්‍යතාවය කුමක් වුවත් සමාජ ප්‍රගතිය, යුක්තිය සහ ස්ථාවරත්වයයි. අපව වෙන් කරන කරුණු ප්‍රමාණය ඉක්මවා අප අතර ඇති සමානතා ලක්ෂන සහිත පොදු කරුණු කාරණා බොහෝ පවතී.
මෙම නව පරිච්ඡේදය ප්‍රගතිය, කරුණාව මෙන්ම අතීතයේ අන් අය දුරස්ථභාවයක් ඇති කළ තැන්හි අවබෝධය ඇති කිරීමට අවශ්‍ය ප්‍රඥාව ද ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වෙමි යනුවෙන්ද එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරාවටම සජිත් කථා කරන්නේ, ක්‍රියා කරන්නේ කටෙන්ද?
එතුමා කථාකරන්නේ කටෙන් සහ ක්‍රියාකරන්නේ බුද්ධිමත් මොළයේ ආධාරයෙන්.