(අංජුල මහික වීරරත්න)
තමිල්නාඩුවේ මහ ඇමති ධුරයට පත් තලපති විජේට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
ජනාධිපතිවරයා මෙම සුබ පැතුම පළ කර ඇත්තේ තම x ගිණුමේ සටහනක් තබමිනි.
"තමිල්නාඩු මහ ඇමති ධුරයට පත්වීම පිළිබඳව සී. ජෝසප් විජේ මහතාට සුබ පැතුම්. ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව ඉතිහාසය, සංස්කෘතිය, ව්‍යවසාය අංශ වලින් පරම්පරා ගණනාවක් පුරා සම්බන්ධ වී ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වඩාත් සමීප සබඳතා සහ ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනඟා ගැනීම දිගටම කරගෙන යන බැවින් අපගේ අනාගතය අභියස අතිමහත් ආර්ථික අවස්ථාවක් ඇත.
ශක්තිමත් ඉන්දියා-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. ඔබට සහ තමිල්නාඩු ජනතාවට සෑම සාර්ථකත්වයක්ම ප්‍රාර්ථනා කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව සමග මම ද එක් වෙමි"යනුවෙන් ඒ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නටම වැඩ බැහැ. දෙන්නම හොදට රගපානවා. දෙන්නා ගැලපෙනවා. තලපති විජේ සහ පචපති ලපේ...
තලපති විජේ... පචපති ලපේ...
ඇයි මේ ප්‍රාන්ත නායකයෙකුට බයවෙලා අපේ අය...?
ඇයි එයාට විතරක් විශේෂයක්...?