
(ෂේන් සෙනෙවිරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අද අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැඳ දමා එහි තිබූ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්යේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කියයි.
කොල්ලකන ලද එම වාහන අතරින් ජිප් රථ දෙකක් වත්තේගම ගරාජයක දී කොටස් කිරීමට සුදානම් කර තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.
වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජයක එම ජීප් රථ සඟවා තිබූ අතර ඒවා කොටස් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත.
ජීප් රථ දෙක පොලිස් බාරයට ගෙන එහි සිටි දෙදෙනකු සහ ගරාජයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය සඳහන් කරයි.
කොල්ලකරුවන් සොයා මහනුවර අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ සුනඛයන් යොදා ඊයේ විශේෂ සෝදිසියක් ද සිදුකළ බව පොලිසිය කියයි.
මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත තෙල්දෙණිය සහ වත්තේගම පොලිසිය ඒකාබද්ධව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය මේ හොරකම හා සම්බන්ධ හොරුන් හා වාහන අල්ලා ගැනීමට කටයුතු කිරීම ගැන ස්තුතියි. ඒත් දේශපාලනඥයින් ආරක්ෂාවට පොදි බැඳගෙන ඉන්නා පොලිස් නිලධාරීන් අඩුකොට ඔවුන් රටේ ජනතාවගේ ආරක්ෂාවට යෙදවීමට ටිරාන් අලස් ඇමැතිවරයා හා පොලිස්පතිවරයා දැනගත යුතුයි. රජයේ වාහන එක්දහස් ගණනක් ආගිය අතක් නැහැ කියලා ප්‍රවෘත්ති පලවී ඇති බව දුටුවා. ඒ ගැන ටිරාන් අලස් මහතා හා පොලිස්පතිතුමා ගත් පියවර රටට හෙලිකිරීම වැදගත්...
මෙච්චර ලොකු මන්කොල්ලයක් කරනවනම් අනිවාර්යෙන්ම පොහොට්ටුවට සම්බන්දයක් ඇති මේ මන්කොල්ලය කරපු කෙනා
මංකොල්ල නම් පොහොට්ටු.. පොහොට්ටු නම් මංකොල්ල...