
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ ජනපතිවරණ රැළියට සහභාගී විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේදී එම ජනරැළිය පැවැත්විණි.
තලතා අතුකෝරළ මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කරමින් වේදිකාවකට ගොඩ වූ පළමු අවස්ථාව මෙයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ගෙ දැන්නම් ගෙදර යන්නම වෙනවා.
හත්වලාමේ වෙච්චි දෙයක්. ඔහෙත් මිද්දෙණියෙද? ළඟදි ගෙදර ගියාද? ජයවේවා..!
මැතිණියනි මාලිමාව අය කියන්නෙ අවුරුදු 76 කරපු කිසිම සංවර්ධනයක් නැහැ කියලා නේ ඉතින් ඔබතුමියවත් 1948 සිට පාලනයේ හිටපු නායකයො කරපුදේ හා එක් එක් කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ උන්දැලා කරපු දේත් කියලා ජනතාව දැනුවත් කරන්න උදාහරණයක් හැටියට එජාප රජයන් විසින් විශ්ව විද්‍යාල කීයක් හැදුවාද රෝහල් මංමාවත් වැව් අමුණු ඇතිකිරීම ගැන කියන්න 1988-89 කාලයේ කරපු විනාශ ගැන කියන්න ඇත්තටම බැලුවොත් මෝඩයින්ට තේරුම් ගන්න බැරි වුනත් රටේ ජල විදුලිය නිෂ්පාදනය කලේ සුද්දගෙ කාලයේ නොවෙයිනේ සළාක ආහාරයෙන් යැපුනු ජනතාව දේශීය සහලින් බත් කන්නෙ කවුරු නිසාද අහන්න 1948 සිට රටේ ඇතිවූ සංවර්ධනය ගැන කියලා නිමකරන්න බැහැ ඒත් මෝඩයෝ ගේන කතාවලට පිලිතුරක් නොදීම තමයි තියෙන ගැටලුව
රත්නපුර ඡන්ද දායකයෝද කිව්වේ වැලිමඩින් පටන්ගන්න කියලා
අපි නම් දැනගෙන හිටියා... මෙයා කරණමක් ගහන්න සූදානම් වෙලා තමයි ඔය අඩවි ඇල්ලුවේ කියලා...
මුන්ට බලය වෙනුවෙන් ඕනම එකෙක්ගෙ ඇදකට නගින්න උනත් විලිලැජ්ජාවක් නැහැ. අර අපවිත්තරා වගේ එවුං...!
තලතා කියන්නේ අවලංගු වෙච්ච කාසියක් . එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ දැන් .
ඔබතුමිය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ හැටියටනම් දේශපාලනයෙන් සමුගන්න වගේ. නමුත් මැතිණියනේ කියමනක් තිබෙනවානේ හැංගි හැංගි වෙස්බැන්දාට නටන්න වෙන්නේ එළියේ කියා. සහ ඔබතුමිය දුවන කෝච්චියකටයි බෙල්ල තිබ්බේ. හොඳ ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සිටිකෙනෙක්...!
මෙයා තමයි සජිත්වයි රනිල්වයි .කෙටෙව්වේ .කොටවලා කොටවලා UNP එක දෙකට කඩලා සජිත් ලඟට කිට්ටුවෙලා ඉඳලා දැන් රනිල් ලඟට කිට්ටුවෙලා . තලේ ඔයාව දැන් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ .ඔයා අවලංගුයි
තලතා ලජ්ජා බය නැති කරගෙන රනිල් ,චාමර සම්පත් ලා එක්ක , එකතුවෙලා
මැතිණියනි ඔබ පාර්ලිමේන්තුවෙන් සමුගනිද්දී කළ දීර්ඝ ප්‍රකාශයේ අර්ථය කුමක්ද... එය සත්‍ය නොවේ නේද.. සජිත් මහත්තයා දිනන ඒක වලක්වන්නයි ඕනවෙලා තිබෙන්නේ . නමුත් දැනගන්න ඔබ දුවන කෝච්චියකටයි බෙල්ල තිබ්බේ.
දේශපාලුවන් කියන්නේ තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙට මෙහෙට පනින රිලව් කියලා අමුතුවෙන් කියන්න ඕනේද?
වැදගත් පුරවැසියන්ට සජිත් වැනි හීනමානයෙන් පෙලෙන අයෙක් සමග කටයුතු කළ නොහැකියි....!
මෙතැන තියෙන්නේ සජිත් හරිද රනිල් හරිද කියන එකට වැඩිය මේ පනින අයගේ තිනෙ විලිලැජ්ජා නැති කම... ඒ අතින් මාලිමාවේ ස්ථාවරය ගැන ආඩම්බර වෙන්න ඕනෑ. එක මැක්කෙක් ගන්නේ නෑනේ...
කිසිම ලැජ්ජාවක් නැති, කිසිම ප්‍රතිපත්තියක් නැති, එහෙට මෙහෙට පනින දේශපාලුවන් ඉන්න එකම රට ලන්කාවයි. ශ්‍රී ලන්කාවයි....
ලැජ්ජාවක් නැති හැටි...
දෙපැත්තටම බැනලා පොර ටෝක් දාලා... ගැහුවා නේද කරණමක්..? මේ යුගය ඉක්මණින්ම අවසන් කරමු...