IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තලංගම ව්‍යාපාරික ඝාතනයේ අඹුසැමි යුවළ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලංගම  රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි  අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි

ඔවුන් 26 හා 27 හැවිරිදි වියේ පසුවන්නන් බවත් පොලිසිය කියයි

ඉකුත් 30 වෙනි දින ව්‍යාපාරිකයා අතුරුදන්ව තිබූ අතර  ඔහුගේ මළ සිරුර ඊට දින දෙකකට පසු  පැලවත්ත එම් ඩි එච් පුර ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ පාවෙමින් තිබියදී තලංගම පොලිසිය මගින් සොයා ගෙන තිබිණි

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට  අයත් සුඛෝපභෝගී මෝටර් රථය ජංගම දුරකථන සහ මුදල් පසුම්බිය  රැගෙන ගොස් තිබිණි.

අදාල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා  කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විම කණ්ඩායම් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටියදී  කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ ලද තොරතුරක්  අනුව සැකකාර යුවල  අත්අඩංගුවට ගෙන තිබිණි. 

සැකකාර අඹුසැමි යුවළ ගෙන් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හේතුව දැනගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කිරීම  සඳහා  අපරාධ කොට්ඨාසය වෙත බාරදීමට නියමිතය.



අදහස් (0)

තලංගම ව්‍යාපාරික ඝාතනයේ අඹුසැමි යුවළ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 199 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site