(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන තත්වයක තිබියදී වයස 60 ඉක්මවූ නිලධාරීන් පිරිසකට සේවා දිගු පිරිනැමීමට නිර්දේශ කර ඇතැයි එම සංස්ථාවේ සේවකයෝ පවසති.
සේවා දිගු සඳහා නිර්දේශ මේ වන විට බලශක්ති අමාත්‍යවරයාට යොමු කර ඇති බවත් සේවා දිගු ලැබීමට නිර්දේශ වී සිටින පිරිස එම සංස්ථාවේ උසස් නිලධාරීන්ගේ හිතවතුන් බවත් සේවකයෝ කියති.
ඉන්ධන පිරවුම්හල් 450 ක් විදේශ සමාගම්වලට දී ඇති තත්වයක් තුළ සේවකයන් අඩු කළ යුතු බව කියන එහි සේවකයෝ විශ්‍රාම යා යුතු පිරිස තබාගැනීම ආයතනයට අමතර බරක් බව ද සඳහන් කරයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක්ගෙන් මෙම සේවා දිගු පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ රජය නව බඳවාගැනීම් නවතා තිබීම නිසා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට පළපුරුදු සේවකයන්ගේ සේවය දීර්ඝ කිරීමට නිර්දේශ කර ඇති බවයි.
අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට සේවා දිගු දීමට අවශ්‍ය ආයතනවල අවසර ගැනීමට මේ වන විට ඉල්ලීම් කර ඇති බවත් ඒ සඳහා එම ආයතනවලින් මේ දක්වා ප්‍රතිචාර ලැබී නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තෙල් සංස්ථාවේ 60 පැන්න පිරිසකට සේවා දිගුවක්?
චන්දන Monday, 14 August 2023 01:12 PM
ඔය ඇමැතිගේ ගොට්ටන් ටික. එයාලා නැතිව ලොක්කාට පැවැත්මක් නැහැ. ඒකයි ඔවුන් ටික රකින්න බලන්නේ...!