
(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන මිල සංශෝධනය කළේ රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපෑමක් ඇතිවීම වැළැක්වීම සඳහා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ඒ අවදානම රජයට පෙන්වා දුන් බවද ඔහු සඳහන් කළේය .
කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල පවතින්නේ ශ්‍රී ලංකාවට වඩා ඉහළින් යැයි පැවසූ කබ්රාල් මහතා තෙල් නිෂ්පාදනය කරන ඉන්දුනීසියාවේ ඉන්ධන මිල ක්‍රියාත්මක වන්නේද මෙරටට වඩා ඉතාම පොඩි ප්‍රමාණයක අඩු මට්ටමකින් පමණක් බව අනාවරණය කළේය .
යම් හෙයකින් ලෝකයේ තෙල් මිල පහළ වැටුණහොත් එම මුදල මිල ස්ථායිකරණ අරමුදලට බැර කළ හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ කර ඇති බවත් රටේ මිල ස්ථායිකරණය සඳහා විශේෂ අරමුදලක් ඉදිරියේදී පිහිටුවීමට කටයුතු කරන බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති පාඩුව බැංකුවලට මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවටද යම් ආකාරයකට බලපෑම් ඇති කර ඇතැයි කී මුදල් රාජ්‍ය ඇමතිවරයා එසේම රටේ ණය අනුපාතයටද එම තත්ත්වය බරපතළ ගැටලුවක්වී ඇතැයි පැවසුවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට ගෑස් මිල. දැන් අනිත් සේරම දේවල්වල මිල ඉහළ යන එක නවත්වන්න ලැබෙන්නේ නැහැ මහත්තයෝ. මිල සුත්‍රයක් හඳුන්වාදුන්න හිටපු මුදල් ඇමතිවරයා මෙන්න මෙහෙම කියනවා වාර්තා කර තියෙනවා දැක්කා. "පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබාදෙන්නේ නැතුව ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමානයි. ඩොලර් 63.19ක්ව තිබුණු තෙල් බැරලයක මිල කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේදී ඩොලර් 26ක් දක්වා ඓතිහාසික ලෙස අඩු වූ අතර සෘණ දක්වාම පහළ ගියද එහි වාසිය මෙරට ජනතාවට අත්වුනේ නැහැ"
සෞභාග්‍යයේ දැක්ම මේකයි... !!!
මොනවා කියන්න බැරිද? අපිට තියෙන්නේ අහගෙන ඉන්න...
මේක වැඩි නොකර බෝතලේ පරණ ගාණට දුන්නා නම් මොකද වෙන්නේ..? එතකොට අපි පරණ විදිහට ගැලුම්වලින් සහ බෝතල්වලින් තෙල් ගහනවා. ප්‍රශ්නය ඉවරයි. එහෙමත් නැතිනම් කිලෝමීටරයට 800ක් වගේ මිනුමක් වුණත් කමක් නෑ... කිරිගව පාලනයේ හරක් ඉන්න ගෙවල්වල බෝඩ් එකක් එල්ලනවා වගේ..
මොනවා කරත් අන්තිමට විඳවන්නේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුම තමයි.
පහුගිය රජයන් වල දූෂණ, වංචා ගණනාවකට සම්බන්ධ මොහු කියන මේ බොරු බේගල් මහජනතාව එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. තෙල්වලට දාපු මිල සූත්තර කෝ? මේ ඔක්කොම පට්ට පල් බොරු... මහජනතාවට කොකා පෙන්නලා අපේ බඩටම ගහනවා. මෙහෙම ආණ්ඩුවක් නම් අපිට වැඩක් නැහැ.
ග්‍රීක බැඳුම්කර, අසන්තලා ගහපු හෙජින් ගිවිසුම... තිරය පසුපස සිට මෙහෙය වූ ආර්ථික ඝාතකයා මොහුය.
ගොබ්බ වැඩ තමයි කරන්නේ..
මේ අයට හැම දේටම හේතුවක් තියනවා. එකවෙලාවකට එක හේතුවක් කියයි. නැවතත් තවත් හේතුවක් කියයි. පවු රටේ අහිංසක ජනතාව මේ අය රවටන විදිහට... කබ්‍රාල්ට මොකක්ද තියෙන හැකියාව මේ රට ඉදිරියට ගෙනියන්නට...? පට්ට හොරු තමයි.
බැරි නම් යන්න අස්වෙලා... පව් නොදී..!!!
තෙල් මිල වැඩිවීමට හේතුව අකාර්යක්ෂම රාජ්‍ය මුදල් කළමනාකරණයයි. ඕනෑම දෙයකට කොමිෂන් පත්කරනවා. මේ සඳහා විශාල මුදල් නාස්තිවෙනවා. ඒත්, ඒවායින් ඇති වැඩක් නැහැ. වියදම විතරයි. කෝවිඩ් පරිපාලනයේ ඇති දුර්වලතා නිසාත්, නිකරුණේ මුදල් නාස්ති වෙන බව පෙනේ. ලෝකයේ තෙල් මිල අඩුවී තිබෙන අවස්ථාවලදී, මේ රටේ ජනතාවට ඒ වාසිය ලැබුණේ නැහැ. මහජනතාවගේ වැඩවලට මුදල් නැති වුණාට මන්ත්‍රීන්ට වාහන ගේන්න මුදල් යොදවන්න ලැහැස්ති වුණේ අපූරු ආකාරයකට. මේ අය හැම වැඩේම අනාගන්නවා.
මිනිසුන්ගේ ආදායමේ වැඩිවීමක් නැතුව ඔහොම ලොකු ගාණකින් තෙල් මිල නියම කරන්නේ ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැති ගොන් මැට්ටලයෝ.. අනික ලෝකයේ ගොඩක් රටවල් අපිට වඩා ඒකපුද්ගල ආදායම වැඩියි. මහලොකු ආර්ථික ඔස්තාර්... කිසිම දැනුමක් නැහැ.
මෙයාලා ආවේ රට හදන්නද නැත්තම් රට කන්නද? මෙහෙමත් අමාරු කාලයක් සිරිසේනගේ කාළේවත් තිබ්බේ නෑ...
කවුද මේ කියන ඒවා විශ්වාස කරන්නේ? එදා ඉඳලම කලේ ජනතාව රවටන එක තමයි.
ඔයටික පොහොට්ටුවේ මහ ලේකම්ට කියලා දීපල්ලා.. අන්න මිනිහා තෙල් මිල වැඩිකරාට විරුද්ධව නිවේදනයක් නිකුත් කරලා.. මේ අය හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සු ඔක්කොම බත් කන හරක් කියලා. ඒ අයම වැඩි කරලා ඒ අයම බැණ ගන්නවා.
දැන් ඔය ස්ථායිකරණ අරමුදලට එකතු වූ මුදල් ප්‍රමාණයත් එයින් කොතරම් මුදලක් තෙල් මිල වැඩිවන අවස්ථාවලට යොදා ගත්තද වැඩිවූ මුදලේ වෙනසින් කොපමණ තෙල් බැරල් ප්‍රමාණයක් දේශීය වෙළෙඳපලට සැපයුවද කියලා ගණන් මිනුම් ඇතිව නොකියන්නේ මොකද?
ඔබ කියන සියළු හේතු බොරුයි. ඔබතුමාගේ පක්ෂ ලේකම්ගේ මාධ්‍ය නිවේදනය පරිදි ඉන්ධන මිල වැඩි කිරීම වැරැදි බවත් ගම්මන්පිල ඇමතිතුමා ඉල්ලා අස්විය යුතු බවත් බලකර සිටී...
ඔය මොනතරම් බොරු කිව්වත් වැඩක් නැහැ. තමුන්ගේ මූණ දකින්නවත් අප්පිරියයි.
මෙයා කියන විදිහට ජනතාවද දැන් රට ණය කරලා තියෙන්නේ?
කරුණාකර 69 ලක්ෂයට අලුතින් 25%ක බද්දක් ගහන්න වහල් බද්ද කියලා...
මේ ජනතාවට ගෙවන්න වෙලා තියෙන්නේ මේ කාලකණ්ණි හොර පවුලත් එක්ක එකතු වෙලා මහජන මුදල්වලින් සූදු කෙළියා... ඒවායේ ඵලවිපාක තමයි.
සහන ගොඩක් ජනතාවට දීලා තියෙන්නේ අනිත් බඩුසේරම ඉහළ දාන්න..
දැන් තමුන්ටත් පුළුවන් ගම්මන්පිළ බේරාගන්න.
කරන දේවල් සාධාරණීකරණය කළාම ඇතිද? ඕකට දීර්ඝකාලීන විසඳුම් දෙන්න කියලනේ ඔයගොල්ලන්ව අපි පත්කළේ..
දැන් මට අහන්න තියෙන්නේ එක දෙයයි. ‘‘දැන් සැපද කියලා‘‘ ...?
ඇත්ත කතාව.. තාම කොරෝනා පුම්බලා ආණ්ඩුව ගාණ කපා ඇත. දැන් ඒවා අපේ අයකරගන්නවා. ඊළඟට එන ආණ්ඩුවට හොයන්න තියෙන්නේ කොරෝනා වංචාව ගැන... දැම්මම කට්ටිය හොයාගන්න කමිටු හදන්න..
තව වැඩිකරන්න... 69ට රිදිලා මදි...
කුම්බලා මාලු කෑවොත් විඳවපන් බළලෝ කිව්වලු... දැන් මොකද?