
(ආර්.එෆ්.එම්.සුහෙල්)
හක්ගල ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් අඩි 60 ක ප්‍රපාතයකට පෙරළීමෙන් බවුසර් රථයේ රියදුරුට සහ රිය සහයකට බරපතල තුවාල සිදුවී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.
අධික මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයක නොපෙනීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි අනුමාන කරන අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොලොන්නාව තෙල් පර්‍යන්තයේ සිට කැප්පෙටිපොළ ඉන්දන පිරවුම්හල දක්වා ඩීසල් ලීටර් 13600 ක් රැගෙන ගිය ඉන්දන බවුසරයකි.
හග්ගල උද්භිද උද්‍යානය අසල අනතුරු බහුල මහා වංගුව ආසන්න ප්‍රදේශයේ අඩි 60 ක පමණ ප්‍රපාතයට පෙරලිමෙන් තෙල් තොගය මුලුමනින්ම ඇල මාර්ගය අරහා ගලාගොස් ඇති අතර බවුසර් රථයක දැඩි ලෙස හානි සිදු වී ඇත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් රටවල නම් පොලිසිය මැදිහත් වී, තදබල ලෙස පාර නොපෙනෙන ලෙස මිහිදුමෙන් පාර වැසී ඇති වෙලාවට මෙවැනි බර වාහන ධාවනයට ඉඩ දෙන්නේ නැහැ.. අනතුරු සිදුවෙන නිසා.. එවැනි නීති අපේ රටේ නැද්ද?
ඩ්‍රයිවර් අනිවාර්යයෙන් කුඩු ගහලා ඉන්න ඇති... ඒක සාමාන්‍ය දෙයක්නේ...
ඔය බවුසර් අයිතිකාරයින් දේශපාලුවෝ. නැත්නම් ඔවුන්ගේ හෙන්චයියෝ. මෙච්චර හොඳ දුම්රිය මාර්ගයක් හපුතලේට තියෙද්දී එකෙන් නැතුව ඩීසල් ලීටර් සිය ගානක් පුච්චාගෙන මහකඳු දිගේ ලොකු ගාණක් යටකරගෙන පනින්නේ ඒකෙනුත් කොමිස් හම්බවෙන නිසා. සුද්දෝ උඩරටට නිකන් හදලා දීපු කෝච්චි පාර ප්‍රයෝජනයට නොගෙන බවුසර් වලින් අදින අයට පිස්සු නැද්ද?
මේ බවුසරය පදවා ඇත්තේ ....අපේ රට ගෙනයන මාර ...බර ..රනා වගේම රියදුරෙක් .අන්තිමට මහජනයාට අලාභය ..පදවන්නාට සහ සහයකයින්ට අනුකම්පාව...රනියලා මෙයද වාසියට හරවනු ඇත.