
(අංජුල මහික වීරරත්න)
තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක් ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.
විශේෂයෙන් මෙරට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩා වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය කියයි.
දැනට තල් ගස් මිලියන 11ක් තිබුන ද ඉන් සියයට 60ක්ම කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැත.
මේ නිසා තල් ආශ්‍රිත නිෂ්පාදන ජනප්‍රිය කරවීම සඳහා මෙන්ම ඉන් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය ගැන ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන්ට විශේෂ පුහුණුවක් ලබා දීම අරඹා ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.
පසුගිය යුද සමයේ උතුරේ තල් ගස් වලින් සියයට 30ක් පමණ විනාශ වූ අතර මේ වනවිට එම ප්‍රමාණයම නැවත වගා කර ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.
පසුගිය වසර 4 ඇතුලත අලුතින් තල් ගස් ලක්ෂ දෙකක් රෝපණය කිරීමට පියවර ගත් බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
මත්තල තල් සංවර්ධන මණ්ඩල පරිශ්‍රය නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගිය අතර එහිදී තල් ආශ්‍රිතව නිෂ්පාදනය කර තිබු උපකරණ මෙන්ම විවිධ ආහාර ද්‍රව්‍ය ද ප්‍රදර්ශනය කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තල් අරක්කු සඳහා කැනඩා වෙළෙඳ පළේ ඉහළ ඉල්ලුමක් පවතින හේතුවක් නම් යාපනයේ පුරවැසියන්ගෙන් 70% පදිංචිය කැනඩාවේය...
ශ්‍රී ලංකාව හැර ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති දමිළ ජනතාව වසන රට කුමක්ද? ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කතාවකුත් තියෙනවා නේද?