IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තරහා වෙලා පොලිසි ඇවිත් එකතුවෙලා පර්ස් එකට විදලා

(සුමිත් පොතුපිටිය)

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට පැමිණ පොලිසියේ ලාච්චුවක තිබූ කාන්තා කොස්තාපල්වරියකට අයත් මුදල් පසුම්බිය සොරාගෙන ගිය අඹුසැම් යුවළක් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව කුරේ මාවතේ පදිංචි අඹුසැමි යුවළක් බව පොලිසිය කීය.

අඹුසැම් යුවළ පැමිණිල්ලක් සටහන් කිරීම සදහා වාද්දුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ සිට ඇති අතර, ඊට යාබදව පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ මේස ලාච්චුවක තිබූ කාන්තා කොස්තාපල් දුලීකා යන නිලධාරිනියට අයත් මුදල් පසුම්බිය සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (2)

තරහා වෙලා පොලිසි ඇවිත් එකතුවෙලා පර්ස් එකට විදලා

දුෂ්‍යන්ති Friday, 07 June 2024 06:16 AM

සුමිත් ඔහේගේ වාර්තාවේ මුල් වචන පහට පස්සෙ පැමිණ කියලා වචනයක් ඇතුළත් කලානම් අදහස පැහැදිලි වෙනවා කියලා හිතන්නේ නැද්ද දෙවැන්න පොලිස් නෝනා මේසයේ ලාච්චුව ඇරගෙන ඒ පැත්තට පිටස්තර අයට එන්න ඉඩ දුදුන්නම කාලෙකට පෙර මිනිස්සු කිව්වෙ ලාච්චුවට මොනවා මොනවා හෝ වැටෙන්න කියලා අදහසක් සමාජ ගතවෙලා තිබුනා පොලිස් නෝනගෙ ලාච්චුව විවෘතව තියාගෙන ඉදලා කියලා හිතෙනවා

:       0       8

Janii Friday, 07 June 2024 08:15 AM

වාද්දුවෙ නේද? මමත් එක පාරක් වාද්දුව පොලිසියට ගියා හොරකමක් ගැන පැමිණිලි කරන්න. පොලිසිය ඇතුලෙදිම හොරාට සල්ලි දෙන්න උනා මගේ බඩු ටික ආපහු ගන්න. පොලිසියෙනුත් කිව්වා ඌට සල්ලි දෙන්න කියලා. ඔක්කොම හොරු!

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site