IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව ග්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ)

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ග්‍රේෂ්ඨාධිකරණයට  පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

නීතිඥ සුනිල් වටගල මහතා විසින් ගොනු කොට ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ

මෙම පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය යන්න නිසි ලෙස අර්ථකථනය කර නොමැති බවද මෙම පනත් කෙටුම්පතේ තුන්වැනි වගන්තිය මගින් පවතින රජයට එරෙහිව අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන් පවා අත්අඩංගුවට ගැනීම විධි විධාන යොදා ඇත
මෙම පනත් කෙටුම්පත මගින් හමුදාවන්ට, පොලිසියට ලැබෙන බලතල අනුව නිදහස අහිමි වීම සිදුවන බවද එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන බව ද වැඩිදුරටත් සඳහන්ය.

එම පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ප්‍රකාශ කරන ලෙසද පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (0)

ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව ග්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site