
(සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ නිර්දේශ ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබීය.
ජනාධිපති නීතිඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටි.
මෙම කමිටුව ලබන මස මුල් කාලයේදී මහජන සහ සිවිල් සංවිධානවල අදහස් ගැනීමට නියමිතය.
මෙයට අමතරව අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ලබා ගැනීමටද කටයුතු කෙරේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ මූලික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වැනිදා අධිකරණ අමාත්‍යංශයේදී පැවැත්විණ.
එහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd