IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’


(ගයාන් සූරියආරච්චි)

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය  කිරීම සදහා මැදිහත් වනතුරු  පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට යාන්ත්‍රණයක් නොමැති බව සමස්ථ ලංකා ත්‍රි රෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවැසුවේය.

සුපර් පෙට්‍රල් මිල අඩු නොකර අනෙකුත් ඉන්ධන මිල රුපියල් 20 කට වඩා අඩු කළ ද ත්‍රිරෝද රථ සංගම් මගින් ප්‍රවාහන ගාස්තු අඩු කිරීම සිතන පරිදි සිදු නොවන බව ද ධර්මසේකර මහතා කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බස්නාහිර පළාත් සභාවේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් පසුගිය කාලයේ ආරම්භ කළ කුලී  ත්‍රි රෝද රථ මගී ප්‍රවාහන වැඩපිළිවෙළ ඉබිගමනේ යන බවත් එය නැවත සක්‍රීය කර ක්‍රියාත්මක කිරීමට මැදිහත් වුවහොත් ගාස්තු පමණක් නොව ගුණාත්මක ත්‍රිරෝද රථ සේවාවක් ස්ථාපිත කිරීමට පවා සූදානම් බවය.

ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ කොස්තා මහතා කියා සිටියේ ඉන්ධන මිල මීට වඩා ලොකු ගණනකින් සංශෝධනය වේයැයි සිතුවද එසේ සිදුනොවුණ බැවින් ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවය.

ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරන බවට ප්‍රකාශයට පත්කිරීමට ඔවුනට හැකියාවක් නොමැති බවත් එහි නීත්‍යානුකූල අයිතිය ඇත්තේ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට බවත් හෙතෙම කීය.



අදහස් (5)

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’

Tharindu Tuesday, 01 October 2024 05:16 PM

අපේ රටේ සමහර මිනිස්සු කොතරම් කුහක?ද ආත්මාර්ථකාමීද? කෙතරම් සහන ලැබුණත් බස් ගාස්තුව අවමය රුපියලක් අඩු කරලා... බිත්තර මිල අඩු වුණාට ඒ හා සම්බන්ධ වන ආහාර අඩු කරන්නේ නැති.. රුපියලක් මිල වැඩි වුණත් හැමදේම වැඩි කරන්න නම් සංගම් හෝ ගාලා.. මොන ආණ්ඩුව ආවත් මොන සක්කරයා රජ වුණත් මේ මිනිස්සු හදනවා බොරු... 225 ම හොරු... මෙහෙම උන් බ්‍රාහ්මණයෝ..!

:       1       2

priyanka Tuesday, 01 October 2024 09:07 PM

මේකත් මාෆියා එකක්. උන්ට හිතෙන ගාණ ගන්නවා. අවම ගාස්තුව රුපියල් 80 ක් වෙන්න ඕනේ දැන්. මේවා හොයලා බලන්න කෙනෙක් ඉන්නවා නම් හොඳයි.

:       0       1

Priyantha Dissanayake Tuesday, 01 October 2024 09:46 PM

ජනතාව හිතට ගත්තොත් ඔවුනට පාඩමක් උගන්වන්න පුළුවන් , අත්‍යාවශ්‍ය නොවන සෑම විටම ත්‍රීවීල් ප්‍රතික්ෂේප කළ යුතුයි. රු. 20කින් නොව රු. 10කින් ඉන්ධන වැඩිවිණි නම් පසුදාම ගාස්තු ඉහළ දමා ඇත. නමුත් අඩුවෙන කොට ඒවා දැනෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙම ත්‍රීවීල් නිශ්චිත ආයතනයකින් න්‍යාමනය විය යුතුයි. මෙයාලා සාමාන්‍ය හිතු හිතූ ගණන් අයකරනවා, රාත්‍රියට දෙගුණ තෙගුණවෙනවා, ජනතාව අපහසුතාවයට පත්කරනවා. සාමාන්‍ය පළමුවන කි.මී. ට රු.100/= ක් ලු. දෙවන කි.මී.ට රු.90/= ක් ලු. නමුත් මෙම ගණන් කිසිම තැනක් ක්‍රියාත්මක නැහැ. කි.මී භාගයක් ගියත් රු.150ක්වත් දෙන්න වෙනවා.

:       0       1

maalaka Wednesday, 02 October 2024 11:23 AM

ත්‍රී වීල් පාවිච්චිය අඩු කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද ?

:       1       6

sam Wednesday, 02 October 2024 02:14 PM

මේ ත්‍රීවිල්වල මීටර් හයි කරන එක අනිවාර්යය කරලා මීටර් චෙක් කරන්න. හමුදාව දාලා ජනතාව දැනුවත් කරන්න මීටර් නැති ත්‍රීවීල්වල නගින්ඩ එපා කියලා. ඒ වගේම මීටර් නැති ත්‍රීවිලර්වලට දඩයක් ගහන්න. එතකොට සභාපතියට රෙදි නැතිව යන්න වෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site