
(යොහාන් භාසුර)
සෞදි අරාබි රජය ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් භක්තිකයන් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලයේ සහභාගි වීමට අවස්ථාව දීමට තීරණය කර තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් අල්කතානි මහතාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව ලැබුණි.
රාජ්‍ය අමාත්‍යවරයා කළ මෙම විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබි තානාපතිවරයා එරට රජයේ අනුග්‍රහය ඇතිව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වැඩි මක්කමට බෞද්ධයින්ටත් අවස්ථාව හිමි විය යුතුයි. බුදු ශ්‍රී පතුල ඇති එක් ස්ථානයක් වන්නේ මක්කම වන අතර එය පැරැණි බෞද්ධ පංසලකි.
බොහෝම ස්තූතියි..!
එතකොට හමුදාවේ ඉන්න බෞද්ධ, හින්දු, කතෝලික අයට ඒ අයට වන්දනාමාන කරන රටවල් වලට යන්න ඔහොම නොමිලේ අවස්ථා දෙන්නේ නැද්ද?