IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ත්‍රිරෝද රිය පෙරළී සිසු දරුවෝ 10ක් රෝහලට

(සිතුම් චතුරංග)

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් යාපනය , කොළම්ඹුතුරෙයි උදයපුරම් ප්‍රදේශයේ දී අද දහවල් පෙරළීයාමෙන් ළමුන් නව දෙනකු හා ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත්කොට ඇතැයි යාපනය පොලිසිය කියයි.

පාසල් නිමවී නැවත නිවෙස් බලා යමින් සිටි සිසුන් පිරිසක් රැගත් ත්‍රීරෝද රථය වංගු සහිත ස්ථානයකදී පෙරලීගොස් තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

යාපනය පොලිසිය පැවසූයේ උදෑසන ත්‍රීරෝද රථ දෙකක ළමුන් පිරිස ප්‍රවාහනය කොට ඇති බවත් එක් ත්‍රීරෝද රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද දෙකේම දරුවන් එක් ත්‍රීරෝද රථයක නංවා ප්‍රවාහනය කොට ඇති බවත්ය.

තුවාල ලැබූ ළමුන් පිරිස යාපනය කොළොම්ඹුතුරෙයි හිංදු විදුහලේ සහ කොළොම්ඹුතුරෙයි තුරෙයිරාසා මහ විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවින් පිරිසක් වේ.

 



අදහස් (0)

ත්‍රිරෝද රිය පෙරළී සිසු දරුවෝ 10ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site