(සිතුම් චතුරංග)
පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් යාපනය , කොළම්ඹුතුරෙයි උදයපුරම් ප්‍රදේශයේ දී අද දහවල් පෙරළීයාමෙන් ළමුන් නව දෙනකු හා ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත්කොට ඇතැයි යාපනය පොලිසිය කියයි.
පාසල් නිමවී නැවත නිවෙස් බලා යමින් සිටි සිසුන් පිරිසක් රැගත් ත්‍රීරෝද රථය වංගු සහිත ස්ථානයකදී පෙරලීගොස් තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
යාපනය පොලිසිය පැවසූයේ උදෑසන ත්‍රීරෝද රථ දෙකක ළමුන් පිරිස ප්‍රවාහනය කොට ඇති බවත් එක් ත්‍රීරෝද රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද දෙකේම දරුවන් එක් ත්‍රීරෝද රථයක නංවා ප්‍රවාහනය කොට ඇති බවත්ය.
තුවාල ලැබූ ළමුන් පිරිස යාපනය කොළොම්ඹුතුරෙයි හිංදු විදුහලේ සහ කොළොම්ඹුතුරෙයි තුරෙයිරාසා මහ විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවින් පිරිසක් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd