(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරැළීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි.
අද (31) අලුයම මෙම අනතුර සිදුවී ඇති බව පවසන පොලිසිය අනතුරට පත් ත්‍රීරෝද රථයේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් ගමන් කොට ඇති බවද කියයි.
තුවාලකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙන අතර පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ත්‍රිරෝද රිය දෙන්නෙකුට මරු කැඳවයි