
(යොහාන් භාසුර)
පෙට්‍රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්‍ෂ 20කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.
එන්ජින් ධාරිතාව සීසී 160 ක් වන යතුරුපැදියක් රුපියල් ලක්‍ෂ 10කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ එකලස්කරන ප්‍රධානතම ආයතනය වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගමේ ‘බජාජ්’ නාමය යටතේ අළෙවි කරන එන්ජින් ධාරිතාව සීසී 236 ක් වන ත්‍රීරෝද රථයක් රුපියල් 1,995,000 කට මිලදීගත හැකි බව එම සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන්ව තිබේ.
ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගමේ ‘බජාජ්’ පල්සර් එන්160 යතුරුපැදියක් රුපියල් 934,950 කට මිලදී ගතහැකි බව ද එම වෙබ් අඩවියේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වාහන වැඩි බව දන්නෝ දනිති. පොදු ප්‍රවාහනය දියුණු කළ යුතුයි.
කවුද ත්‍රී වීල් දැන් ගන්නේ? Vitz කාර් එක මීට වඩා ලාබෙට දෙනවා කිව්වානේ.
අඩුවට කාර් ගන්න ඡන්දේ දුන්නු සම හරක් දැං පයින් යනවා. අඩුවට කාර් දෙන්න ආපු උං දැන් සැප කාර්වල යනවා.
දැන් සැපද?...
ආණ්ඩුව ආවාට පස්සේ හොඳම ෂොට් ටික වැදුනේ ඔවුන්ව බලයට ගෙන එන්න පෙරමුණ ගත් ත්‍රිරෝද සහෝදරයින්ට, මුලින්ම මොඩිෆි කෑලි ටික ගලවලා දැම්මා. දැන් මිලත් අහස උසට 2020 තිබුණු මිලට වැඩිය දැන් දෙගුණයකට වැඩි මිලක් ගෙවන්න වෙලා... බලාගෙන යනකොට, යුරෝපේ නම් මේ මිලට පොඩි කාර් එකක් ගන්න පුළුවන්..!
ඇයි එච්චර ගනන්? මාලිමා විට්ස් කාර් එකකුත් ලක්ෂ 12යි නේ. 68 ලක්ෂයක් විට්ස් කාර් ගන්න ලෑස්තිය...
ලංකාවේ කර්මාන්තකරුවෙක් ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එකක් හැදුවා ලක්ෂ 27ට දෙන්න. මේ වගේ කුඩ රෙදි ගහපුවා නෙමේ... ලස්සන ඩිසයින් එකත් එක්ක. ඩීසල් ලඩිය 20 නම් ඉලෙක්ට්‍රික් එක කීයක් වෙනවාද? කෝ අර කර්මාන්ත ඇමැතියා කියපු දේශීය කර්මාන්ත ගොඩ නැඟීම? ඒවගේ අමුද්‍රව්‍ය වලට බදු අයින් කරාද අය වැයෙන්. නෑ. ඇයි ඒ..... කොමිස් කුට්ටිය හම්බෙන්නේ නැති නිසා. තව කඩේ පලයන් මාලිමාවටම. කෙලෙහිගුණයක් නැති කාලකන්නි හැතිකරේ. උඹලට ඔහොම වෙලා මදි...
ර්‍තවීල් නම් කොච්චර වැඩි කරත් කමක් නෑ. හැබැයි බයික් අඩු කරන්න.
අනිත් වාහන මිල ගණන් අනුව හොඳයි ඉතින්, ඩීසල් එකක් 27ක් කියලා කිව්වා. ඉස්සර මේ ගාණෙන් මයික්‍රෝ පැන්ඩා කාර් එකක් ඇල්ටෝ එකක් ගන්න පුළුවන්, දැන් බැහැ. ඉස්සර අපේ ආදායමම තමයි තාම ලැබෙන්නෙත් ඉතින් කොහොමද මේවා ගන්නේ?
NPP ආණ්ඩුවෙන් මේකට සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වුණා. ඒත් ඉතාම කණගාටුයි.
ලංකාවෙන් ත්‍රීවීල් රථ තුරන්කළ යුතුයි. කිසිඳු දියුණු රටක මගීන්ට හෝ රියදුරුට කිසිඳු ආරක්ෂාවක් නොමැති මෙම රථ භාවිතා කරන්නේ නැත.
මාලිමා ආණ්ඩුව ගෙන එන්න ඩඩ්ලි වියදම් කළා වගේම ත්‍රිරෝද සහෝදරයෝත් විශාල වෙහෙස මහන්සියක් දරලා කැම්පේන් කළා. පිටරටින් ගෙනඑන සහල් වලට තිබෙන බදු වලට අමතරව රුපියල් 65 අලුත් බද්දක් ගහලා ඩඩ්ලිට හොඳ සහල් මිලක් හදලා දුන්නා වගේම ත්‍රිරෝද සහෝදරයින්ටත් හොඳ මිලක් හදලා දීලා තිබෙනවා. 2020 දී ලක්ෂ 7-8 වුණු ත්‍රිෙරා්ද රථය අද ලක්ෂ 20 වෙන නිසා, ඔවුන්ගේ 2016-2020 රථ වලට අද අවම වශයෙන් ලක්ෂ 15 කවත් මිලක් තිබෙනවා. ඔවුන්ට පුළුවන් අවශ්‍ය නම් අර ඩඩ්ලි කරනවා වගේ ත්‍රිරෝද ගාස්තුත් කෙලින්ම දෙගුනෙකින් වැඩි කරලා පාරිභෝගිකයා කෙලින්ම සුරා කන්න, එහෙම නැතිනම් ඔවුන්ට පුළුවන් ත්‍රිරෝද රථය ලක්ෂ 14-15 විකුණලා, අර ළඟදීම එන ලක්ෂ 12 විට්ස් කාර් එකක් ගන්න. හැමදේම වැරැදි විදිහට දකින්න එපා..
මෙහෙම ත්‍රිෙරා්ද රථ මිල ඉහළ ගියාම අලුතෙන් ත්‍රිෙරා්ද රථ මාර්කට් එකට එන්නේ නැති නිසා තිබෙන පුද්ගලයින්ට හයර් ගාස්තු වැඩි කරලා අර චැනෙල් දොස්තරලා, රෝගීන්ගෙන් ගසා කන ආකාරයට හොඳට ගසකන්න පුළුවන්, ඉස්සර ඉඳලා ජවීපෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වුණු නිසා ලංකාවේ දොස්තරලා අඩු වුණත් ඔවුන් චැනෙල් දොස්තර කඩ වලට විරුද්ධ වුනේ නැහැ... මේකත් ඒ වගේ දෙයක්..,
බර්ලින් සිල්වා ඔයා දන්නේ නැති වුනාට, ළඟදීම ලක්ෂ 12 ට ගන්න විට්ස් කාර් ලංකාවට එනවා. ආණ්ඩුව ත්‍රිරෝද රථ මිල වැඩි කරලා තිබෙන්නේ ඒවා අනාරක්ෂිත නිසා ජනතා වගේ ජීවිත ආරක්ෂා කරන්න. අනතුරු වැඩි නිසා ළඟදීම ලොරි බොඩි බස්වලට ගහන බද්ද ඩබල් කරනවා... ටිකට් මිලත් වැඩි කරනවා.. එතකොට මිනිස්සු රස්තියාදු ගහන්නේ නැතුව ගෙදර ඉඳීවි. එහෙම නැතිනම් ලක්ෂ 12 විට්ස් එකක් අරන් ගමනක් යාවි. එහෙම නැතිනම් විට්ස් හයර් කරගෙන ගමනක් යාවි. විට්ස් හයර් මිල ත්‍රිරෝද හයර් මිලට වැඩිය අඩුවෙනවා...
සුගත් මහත්මය දැනුවත් කලාට ස්තුති , විට්ස් එකක් ලක්ෂ 12 ට දෙනවා නම් කොච්චර හොඳද ? මමත් ලබන පාර , ලංකාවට එනකොට යුරෝ 4000 ක් වැඩිපුර අරන් එනවා කෙලින්ම විට්ස් එකක් අරන් ඉන්න මාසේ මගේ ගමන් වලට යොදාගෙන රට යනකොට ගෙදර පාවිච්චියට තියල යනවා , ඉඳල හිටලා පොඩි රවුන්ඩ් ටුවර් එකක කරන්න ගෙස්ට්ල ටිකක් ලංකාවට එවුහම රියදුරෙක් දමල ටුවර් එකත් කරලා අමතර ගතමනාවක් හොයාගන්නත් පුළුවන් , රනිල් හිටිය නම් ඔය විට්ස් එකට ලක්ෂ 17 පමණ බදු ගහල ඕක අපට ගන්න වෙන්නේ ලක්ෂ 35-40 අතර මුදලකට
සුගත් මහත්මය ඔය ලක්ෂ 12 ගන්න පුළුවන් කියන විට්ස් එක බ්‍රෑන්ඩ් නිවු එකක්ද රිකඩිෂ්න් එකකද ? රිකන්ඩි ෂන්උනත් කමක් නැහැ වටිනවා , ඕක ෂුවර් එකටම ගන්න පුලුවන්ද ? කවුද කිව්වුවේ ලක්ෂ 12 ට විට්ස් එක දෙනවා කියල ? කොහෙන්ද ගන්න පුළුවන් ? කවදද ගන්න පුළුවන්
ඔය කරුමේ තවත් ගණං ගිහිං මේ රටෙන් අයින් වෙනවා නං රටේ හන්දියක් හන්දියක් ගානේ වේලෙන තරුණ ශ්‍රමය වැඩදායී දෙයක් සදහා ගන්න පුලුවන් .ටැක්සි ක්‍රමය වැදගත් අයුරින් මෝටර් රථ යොදා විනයක් ඇතිව කරන්න පුලුවන් .රටේ මාරක රිය අනතුරු වලින් 80%ක් අඩු කරගන්න පුලුවන් .රටේ අපරාධ මිනීමැරුම් ස්ත්‍රී දූෂණ 80.
බර්ලින් සිල්වා ලක්ෂ 12 විට්ස් කතාව ඡන්දෙට කලින් මිනිස්සු අන්දවන්න මලිමාවේ අපේක්ෂකයෝ මැතිවරණ වේදිකාවල කියපු බොරුවක් , දැන් එම කතාව ජෝක් එකට අරන්. ලක්ෂ 12 ට ලංකාවේ විට්ස් නැහැ , කුඩුපට්ටම් වෙලා ගොඩ ඇදපු හද්ද පරණ විට්ස් එකක ඔරිජිනල් පොතකුත් ගන්න නැහැ ලක්ෂ 12 කට , විට්ස් එකකට මට වැටහෙන විදිහට ලක්ෂ 60 කට වැඩි ටැක්ස් එකක වදිනවා , ත්‍රිරෝද රථයටත් ලක්ෂ 11 ට වැඩි බද්දක් වදිනවා , පිටරටින් ගෙන හාල් කිලෝ එකටත් රුපියල් 65 විශේෂ බද්දට අමතර තව එකතුවෙන බදු සමග රුපියල් 85 විතර බද්දක් ගහනවා , රනිල්ගේ යහපාලන ආණ්ඩුව බදු ගැහුවේ වාහනවල එන්ජින් ධාරිතාවට දැනටමත් පාරට බැස්සහම මිනිස්සු කියනව රනිල් හිටිය නම් හොඳය කියා , මෙහෙම ගියොත් පළාත්පාලන ඡන්ද වලදී මලිමවට ගිය පරණ පොහොට්ටුකාරයෝ නැවත පොහොට්ටුවට යන්න තිබෙන ඉඩකඩ බොහොම වැඩි.
බර්ලින් සිල්වා ඔයා මේ විට්ස් එකක ගැන කතා කරනවා , අපට තිබෙන ප්‍රශ්නේ හාල් පොල් ටික ගන්නේ කොහොමද ? හවසට වැඩ ඉවරවෙලා යන කොට අන්තිම බස් එක මිස් වුනොත් කිලෝමීටර් 4 යන්න වෙන්නේ පාගමනින් , ඔය එක එක දේශපාලුවෝ ඡන්දෙට කලින් පිටරට ගිහින් පවත්වන රැස්වීම්වලට ඔයගොල්ලත් සහභාගිවෙලා උන්ට අතට ඇත දුන්නහම ඔක්කොම හරි කියලා , ඉස්සර හිටියේ හොරු , දැන් ඉන්නේ පචයෝ මේ දෙගොල්ලම යාලුවෝ මල්ලි , යුරෝපේ ඉන්න ඔයගොල්ල නිවාඩුවට ඇවිත් ගතකරන සති 2-3 සුරන්ගනලෝක ජිවිතේ වගේ නොවේ ලංකාවේ එදිනෙද ජිවිතේ ගොඩක් වෙනස් , ඡන්දෙට කලින් සැප බස් දෙනවා කීවට අපට දැන් ලොරි බොඩි බස් එකකවත් නැත අන්තිමේ දී ත්‍රිරෝද රථයවත් නැත .
ලංකා, ඉන්දියා පළල අඩු පොඩි පාරවල්වලට ත්‍රීවිල් නියමෙට ගැළපෙන වාහනයක්. නැනෝ කාර්, වෑන්, ත්‍රීවිල් නියම වාහන මෙහෙට.