IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ත්‍රීරෝද රථයක ගැටුණු ගැබිනි මව මියයයි

(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පල්ලෙ මළල ප්‍රදේශයේදී ගැබිනි කාන්තාවක් මාර්ගයේ ගමන් කළ ත්‍රී රෝද රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පල්ලෙමළල ප්‍රදේශයේම පදිංචි 23 වැනි වියේ පසුවූ මාලබදිනගේ මදුෂිකා ප්‍රසංගී නම් ගැබිණි මවයි.

මියගිය ගැබිණි මව ඇයගේ වයස අවුරුදු දෙක හමාරක් පමණ වන පිරිමි දරුවකු සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී අද පෙරවරු 10.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

හම්බන්තොට දෙස සිට පැමිණ ඇති ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගැබිණි කතගේ හා කුඩා දරුවාගේ ගැටී ඇති බව පොලිසිය කියයි.

තුවාල ලැබූ කාන්තාව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද ඇය ඒ වන විටත් මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය කාන්තාවට සිසේරියන් සැත්කමක් කලද කුසේ සිටි දරුවා බේරා ගැනීමට නොහැකි වී තිබේ. කාන්තාව සමග ගමන් කළ කුඩා දරුවාද තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

අනතුර සම්බන්ධයෙන් ත්‍රී රෝද රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන හම්බන්තොට පොලිසිය විසින් සිදු කරනු ලබයි.



අදහස් (5)

ත්‍රීරෝද රථයක ගැටුණු ගැබිනි මව මියයයි

Lakmal Thursday, 12 September 2024 03:04 PM

සරලව ත්‍රී වීල් මෙරටට නොගැලපෙන වාහනයක් නිසා තහනම් කල යුතුමය .මේකට අකමැති සෙට් එකට පුළුවන් ත්‍රී වීල් රියදුරන්ට රැකියා හොයලා දෙන්න

:       0       49

රංබොඩ Thursday, 12 September 2024 06:15 PM

ඔය පැත්තේ පාරවල් හරි කෙලින් තියෙන්නේ... යන්න ඇති පාලනය කරගත නොහැකි වේගයකින්... කොහොමත් ත්‍රිවීල් තියෙන්නේ දකුණු ආසියානු රටවල විතරයි...

:       1       16

Some guyThursday, 12 September 2024 07:15 PM

දකුණු, මධ්‍යම ඇමෙරිකානු රටවල, අප්‍රිකාවේ ත්‍රී වීල් තියෙනවා. ඕක සරල ලාභදායී ප්‍රවාහන මාධ්‍යයයි, හරකෙක් ඒ වාහනය පදවා අනතුරු කළා කියලා වාහනයට දොස් පැවරිය යුතු නැහැ...!

:       7       11

නිමල් Friday, 13 September 2024 06:17 AM

නේපාලයේ ත්‍රී රෝද රථ නැහැ. කුලී ගමන් සඳහා ඇත්තේ ඉන්දියානු මරුටි 800 රථ...

:       0       1

Nuwan Friday, 13 September 2024 11:02 AM

කොහොමත් වැඩිපුර නූගත් හරක් තමා ත්‍රී වීල් එලවන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site