
(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පල්ලෙ මළල ප්‍රදේශයේදී ගැබිනි කාන්තාවක් මාර්ගයේ ගමන් කළ ත්‍රී රෝද රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ පල්ලෙමළල ප්‍රදේශයේම පදිංචි 23 වැනි වියේ පසුවූ මාලබදිනගේ මදුෂිකා ප්‍රසංගී නම් ගැබිණි මවයි.
මියගිය ගැබිණි මව ඇයගේ වයස අවුරුදු දෙක හමාරක් පමණ වන පිරිමි දරුවකු සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී අද පෙරවරු 10.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
හම්බන්තොට දෙස සිට පැමිණ ඇති ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගැබිණි කතගේ හා කුඩා දරුවාගේ ගැටී ඇති බව පොලිසිය කියයි.
තුවාල ලැබූ කාන්තාව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද ඇය ඒ වන විටත් මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය කාන්තාවට සිසේරියන් සැත්කමක් කලද කුසේ සිටි දරුවා බේරා ගැනීමට නොහැකි වී තිබේ. කාන්තාව සමග ගමන් කළ කුඩා දරුවාද තුවාල ලබා රෝහල් ගත කොට ඇත.
අනතුර සම්බන්ධයෙන් ත්‍රී රෝද රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන හම්බන්තොට පොලිසිය විසින් සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරලව ත්‍රී වීල් මෙරටට නොගැලපෙන වාහනයක් නිසා තහනම් කල යුතුමය .මේකට අකමැති සෙට් එකට පුළුවන් ත්‍රී වීල් රියදුරන්ට රැකියා හොයලා දෙන්න
ඔය පැත්තේ පාරවල් හරි කෙලින් තියෙන්නේ... යන්න ඇති පාලනය කරගත නොහැකි වේගයකින්... කොහොමත් ත්‍රිවීල් තියෙන්නේ දකුණු ආසියානු රටවල විතරයි...
නේපාලයේ ත්‍රී රෝද රථ නැහැ. කුලී ගමන් සඳහා ඇත්තේ ඉන්දියානු මරුටි 800 රථ...
කොහොමත් වැඩිපුර නූගත් හරක් තමා ත්‍රී වීල් එලවන්නේ