(යොහාන් භාසුර)
විදුලි බලය භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යයන් හඳුන්වාදීමේ ව්‍යාපෘති යටතේ ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) ආරම්භ කළේය.
නියමු ව්‍යාපෘතිය යටතේ පෙට්‍රල් ත්‍රිරෝද 200ක් විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කරන අතර බස්නාහිර පළාත තුළ මාකුඹුර සහ පිටකොටුව යන කලාප දෙකෙන් ත්‍රීරෝද රථ 100 බැගින් ඒ සඳහා තෝරාගැනීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ප්‍රවාහන අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුළු ආයතන රැසක් එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලු බැල්මට මෙය කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීමක් ලෙස දැනේ. එහෙත්, ත්‍රිරෝද රථයට විදුලි බලය දීමට ගල් අඟුරු හෝ ඩිසල් හෝ පිලිස්සිය යුතුය. ඇති තරම් පුනර්ජනනීය බලශක්තිය තිබේ නම් පමණක් ව්‍යාපෘතිය පලදායි වන බව තේරුම් නොගෙන කෙරෙන මෙවන් ව්‍යාපෘති සම්පත් නාස්ති කිරීමකි. තවත් මෝඩ ව්‍යාපෘතියකි.
පෙට්‍රල් ත්‍රිරෝද විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය පිළිබද දැනුම සහ පුහුණුව විදුලි / කාර්මික දැනුම ලබාදී මෙම වැඩසටහන expedite කර තෝරාගත් රජයේ අනුමැතිය ලත් garages වෙත ලබාදී පෙට්‍රල් ත්‍රිරෝද විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය සදහා යනාවූ වියදම රජය විසින් සදහන් කලයුතුවේ. එවිට දුෂිත ක්‍රියාවන් සිදු නොවේ. එම වැඩසටහන වේගවත් කිරීමට නම් එම පෙට්‍රල් ත්‍රිරෝද විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කල සියලු විදුලි ත්‍රීරෝද රථයේ details database ඇතුල් කර ගත හැකි ක්‍රමය මේ අවස්ථාවේම ක්‍රියාත්මක කරන්නේනම් ලංකාවේ තිබෙනාවූ විදුලි ත්‍රීරෝද රථ ප්‍රමාණය දැනගැනීමට හැකියාව ඇත. කොලබ නගරය තුල පෙට්‍රල් ත්‍රිරෝද ඉදිරි මස 12කින් පසු සිදුනොවන බවද සදහන් කලයුතුවේ. මෙම වැඩසටහන පළමුව නගර සිමාව තුලට එට සමගාමිව රට පුරාම ක්‍රියාත්මක කලයුතුවේ. ආරම්බයේදී පෙට්‍රල් ත්‍රිරෝද විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කිරීමට මුදලක් වය උවත් දිගුකාලීනව විසල මුදලක් ඉතිරිවේ සහ පරිසර වායු ද්දුෂණය අවම කරගැනීමට හැකියාව ඇත
ප්‍රවාහන ඇමටි ආවේ ලංගමේ ද? නෑ නේද ? ඉතින් තවත් කවර කතාද? එයා වෙනම වාහනේක යන්නේ මොකො එයාගෙ පස්සෙ කොටි එනවාද වෙඩි තියන්න?
මොනව හරි කරලා ඕවායේ සද්දෙත් අඩුකරන්න බැරිද ? පුදුම ශබ්ද දුෂණයක් වෙන්නේ ඔය වාහන වලින්
සුදුළූණුවලින් වගේ හොද්ද බොරකර ගනීද? සුදුළූණුවලින් දුන්නු ගේම දන්නවනේ. දැන් මුකුත් කළේ නෑ වගේ සුදු පෙරෝගෙන බකතපස් වගේ ඉන්නේ...!
අපේ සුදුලූණු ඇමතිගේ තවත් සුදුලූණු පොඩි කිරීමක්. අනේ මිනිස්සු මොනවා කිව්වත් එයාට ඕවායින් මොන කොමිස් ද?