(යොහාන් භාසුර)
කුඩා දරුවන්, ගැබිණි සහ කිරිදෙන මව්වරු පෝෂ්‍යදායක ආහාරයක් ලෙස ආහාරයට ගන්නා ත්‍රිපෝෂවල අඩංගු විෂ රසායනික දෙගුණ කිරීමේ තීරණයක් ආණ්ඩුව ගෙන ඇති බවත් ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය දෙගුණයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය.
එම කැබිනට් තීරණයට අනුව ත්‍රිපෝෂවල දැනට අඩංගු වන බඩ ඉරිඟු කොටස් බිලියනයක ‘ඇෆ්ලටොක්සින්’ කෝටස් 5 ක ප්‍රමාණය 10 ක් දක්වා ඉහළ දමන බව ද ඒ මහතා කීය.
එම ජනතා ද්‍රෝහී කැබිනට් තීරණයත් සමඟ 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කිරීමට නියමිත බව කී ජයගොඩ මහතා එමගින් කුඩා දරුවන් සහ මව්වරුන් ඇතුළු සියල්ලන්ගේ ජීවිත අවදානමට ලක්වන බව ද සඳහන් කළේය.
‘ඇෆ්ලටොක්සින්’ නැමැති රසායනිකය ශරීරගත වීමෙන් අක්මාවට හානි වියයහැකි නිසා එම රසායනිකය පිළිකා කාරකයක් ලෙස පිළිගැනෙන බවත් පොල්තෙල් සහ දියරකිරිවල ‘ඇෆ්ලටොක්සින්’ නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම ගැන විශාල ආන්දෝලනයක් මීට පෙර රටතුළ ඇති බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ටේබල් එක ගත්තේ කැනඩාවේ වාර්ෂිකව කරන Aflatoxin පිලිබදව පරයේශණ වාර්තාවකින් , සම්පුර්ණ වාර්තාව කියවන්න කැමති අයට එවන්න පුලුවන් , මේ බඩ ඉරිගු වල හා බඩ ඉරිගු සහිත නිෂ්පාදනයන් වල තියෙන Aflatoxin ප්‍රමාණය , නියදියෙන් 20 % කට වඩා අඩු සංඛ්‍යාවක තමයි Aflatoxin තියෙන්නෙ , සාමාන්‍ය අගය 0.5 ppb වලට අඩු , අපි ලංකාවේ 1980 ඉදලම ලමයින්ට ත්‍රිපෝෂ දිලා තියෙන්නෙ මෙම අගයට වඩා 10 ගුනයක් වැඩියෙන් , දැන් එම අගය අපේ සුව ඇමති තුමා 10 ppb කරල , දැන් කන්න දෙන්නෙ 20 , 40 ගුනයක් වැඩියෙන් ,මේ ගැන පාර්ලිමේන්තුවේ ඉන්න 225 නිශ්ශබ්දතාවක් දරනවා , හරිනි දරුවන් ගැන හිතනව නම් මේ ගැන කතා කරයි නේද , ලාල් සහොදරය හරිනිට call කරල කියන්න , මටත් පුලුවන් නම් අංකය එවන්න කීර්ති