IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තරුණයාට පහරදුන් සැකකරු කඩු මන්නා සමග මාට්ටු

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව ලුනාව ප්‍රදේශයේදී පුද්ගලයකුට කඩුවකින් පහර දී කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අඟුලානේ බෝලේ නමැති සැකකරු කඩු,මන්න,පිහි කිනිසි ඇතුලු තියුණු ආයුධ නවයක් චේන් ශෝ එකකින් සකසන ලද ආයුධයක් සමග(25) අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පැවසීය.

පසුගිය දිනෙක තරුණයකුට සිදුකළ බරපතල කැපුම් තුවාල සිද්ධියක් හේතුවෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී මොහු අත්අඩංගුවට පත්වූ බව පොලිසිය පැවසීය.

සැකකරු රාවතාවත්ත ප්‍රදේශ්යේදී අත්අඩංගුවට පත්වී ඇති අතර අපරාධයට යොදාගත් බව කියන කඩුව ඔහුගේ නිවසේ වහලේ ගසා තිබියදී පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවසීය.

සැකකරු විසින් මීට පෙර සිදු කරනු ලැබූ බව කියන කඩු මන්නවලින් පහර දීම් සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විභාග වන නඩු ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මොහුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් කපා පහර දීම් සඳහාද යොදාගනු ලැබූ බව කියන කඩු,මන්න,පිහි,කිනිසි ආයුධ අටක් නිවසට ආසන්න කැලෑබද කලාපයකදී තිබී හමුවූ බව පොලිසිය පැවසීය.

 



අදහස් (0)

තරුණයාට පහරදුන් සැකකරු කඩු මන්නා සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site