
(බී.ජි. චතුරංග)
ගල්නෑව සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ එම දිශාවටම පියකු සහ දියණියක ගමන් කළ යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් දියණිය, ජීවිතක්ෂයට පත්ව, පියා තුවාල ලබා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර පන්ඩුලගම පිහිටි රජයේ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබමින් සිටි සඳරේකා සුබෝධනී හේමන්ත නැමැති 20 හැවිරිදි තරුණියකි.
පාඨමාලාවකට සහභාගි වීම සඳහා පියා සමග යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී අනුරාධපුර පාදනීය ඒ 28 මාර්ගයේ , කිලෝ මීටර් 79 සහ 80 කණුව අතර ශ්‍රාවස්තිපුර පහේ ඇල හංදිය අසලදී ඊයේ (8දා) මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ වටිනා ජීවිත.. ඔබට නිවන් සුව දුවේ.
පිටුපස්සෙන් හප්පලා! ඔය බස් කාරයෝ ම්ලෙච්ඡ හැත්තක්. පාරේ යන අනතුරුදයකම දුප්පතාගේ වාහනේ ගැන කිසිම තැකීමක් නැතිව ලංකරලා අල්ලනවා මේ කාලකන්නි. මම හැමදාමත් දන්නා ඔවුන්ට කියන්නේ කවදාවත් බයික් එකේ යද්දී ලොකු වාහනයක් ළඟින් එනවා.. නම් අයින් කරලා ඔවුන්ට ඉස්සර කරන්න දෙන්න කියලා. නැත්නම් යට වෙලා මැරුම් කන්න තමයි වෙන්නේ...!
තිරිසන්නු වගේ පාරේ වාහන එලවන හැත්ත රටටම පිළිලයක්. මොනවා කරන්නද යකෙකුටවත් බය නැතැයි කී මේ ආණ්ඩුවත් බස් මාෆියාවට බයවෙලා සියල්ල අකුලා ගත්තනේ... මේ වගේ තිරිසන් රියැදුරන්ට ආයේ එම රැකියාව කරගන්න බැරිවෙන්න අතපය කඩලා දාන්න සමාජය පෙළඹුණු දාට මොවුන් හික්මීමෙන් කටයුතු කරාවි... නැතිනම් මේ වගේ අහිංසක ජීවිත කීයක් දවසකට මේ තිරිසන්නු නැතිකරාවිද?