(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සිව් වසරක් පෙම් කළ තරුණයා එක්දරු පියකු බව දැනගත් විශ්ව විද්‍යාල සිසුවිය පෙම් සබඳතාවය නතර කිරීමත් සමගම එයට උරණව තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ කුඩාමාදුව පාර සිසිල් සෙවණ උද්‍යානයේ පදිංචි එක්දරුපියකි.
එම සැකකරු සමග පැමිණිලිකාර තරුණියගේ සහ වෙනත් කාන්තාවගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය දර්ශන රැසක් ඇතුළත් ජංගම දුරකථය සහ ලැප්ටෝෆ් වර්ගයේ පරිගණකයද පොලිස් භාරයට ගෙන ඇත.
දකුණු පළාතේ පදිංචි 26 හැවිරිදි පැමිණිලිකාරිය 2022 වසරේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් සඳහා ඇතුළත් වී ඇති අතර එම විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර සැකකරුද හඳුනාගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබූ බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හළ අයෙක් අත්අඩංගුවට
Neel Friday, 20 June 2025 02:42 PM
මේ වගේ කාලකන්නි ඉන්න රටක් මේක අවුරුදු 4ක් ප්‍රේමකරලා, ඉස්සෙල්ලාම ප්‍රේමය මොකද්ද කියලා ඉගෙන ගන්න...
කෞෂිFriday, 20 June 2025 05:38 PM
කාගෙන්ද ඉගෙන ගන්නේ? නන්දා මාලිනියගෙන්ද , සුනිල් ආරියරත්නයන් ගෙන්ද ?
පියල්Saturday, 21 June 2025 07:56 AM
කොච්චර බොක්කෙන් ආදරය කළත් නිරුවත පෙන්නන්න ගියේ ඇයි? ගනු ළමයි මේවා ගන තදින්ම හිතන්න ඕනේ...
pakeer Friday, 20 June 2025 04:50 PM
හුගාක් ගැණු ළමයින්ට අද නියම ආදර වන්තයා අඳුර ගන්න බැහැ .. එයාලා කොච්චර උගත් උනත්.. රූපට, සල්ලි වලට රැවටෙනවා.. ඉන් පස්සේ රටේම නම ගිය වනචරයන්ට අහු වෙනවා. ඒ වගේම අද ඉන්නේ හුගාක් කාලකන්නි පිරිමි. මුන්ට පිරිමි කියන්න බෑ.. මුණ නපුන්සක සුනකයෝ.
බකල ජයා Friday, 20 June 2025 05:40 PM
මටත් "ලැප්ටොප් " වර්ගයේ පරිගණකයක් ගන්න ඕන.
Perakum Friday, 20 June 2025 06:41 PM
වල් ගෑනුන්ට ඔහොම වෙලා මදි...!
Shantha Friday, 20 June 2025 07:04 PM
මොකටද නිරුවත් වෙන්න යන්නේ... ඒ නැතත් පින්තූර ගන්නත් දීලා ... කැම්පස් නෙවේ, හෝඩියේ ඉඳලා ඉගෙන ගන්න... තව සැරයක්...
Perakum Friday, 20 June 2025 11:17 PM
ඒක තමයි අපි කියන්නේ. ප්‍රේමයයි, වල්කමයි පටලවා ගත්තාම ඕක තමයි වෙන්නේ...!