IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තරුණියකගේ ඡායාරූප සිද්ධියකට දකුණු නිර්වේලි හි යුද්දයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරියේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් එම නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හළ බව කියන තරුණයාගේ නිවෙස පන්සීයක ගෙන් පමණ සමන්විත පිරිසක් විසින් වටලාපහර දෙමින් සිටියදී පොලීසිය අහසට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා තත්ත්ව පාලනය කළ බව අච්චුවේලී පොලීසිය පවසයි.

තරුණියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හළ බව කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහර දුන් තරුණයාද මුදාගෙන ඇති අතර පහර කෑමෙන් ඔහු තුවාල ලබා සිටි නිසා පොලිස් ආරක්ෂාව ඇතුව යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඇතිව තිබූ තත්වය පාලනය කිරීමට ගිය අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු පහරදීම නිසා උපපොලිස් පරීක්ෂකවරයකු ද තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත කර ඇත.

දකුණු නිර්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකට 500 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් වටලා පහර දෙන බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි අච්චුවේලි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස්තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කර ඇතත් තත්වය කරගත නොහැකි වූ නිසා තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් එහි ගෙන්වාගෙන තිබේ.

 



අදහස් (6)

තරුණියකගේ ඡායාරූප සිද්ධියකට දකුණු නිර්වේලි හි යුද්දයක්

මොහාන් Thursday, 29 June 2023 09:00 AM

අපරාදේ, කොල්ලව ගහලම මරා දාන්න නේ තිබුනේ... අයෙත් police එකක් මොකටද?

:       2       15

kam Thursday, 29 June 2023 10:30 AM

මේ අය මෙහෙම කරන්නේ මේ වගේ ජඩ වැඩවලට එරෙහිව රටේ නීතියක් නැති නිසානේ. මේවාට තියෙන නීති සහ ලැබෙන දඩුවම් ප්‍රසිද්ධ කළ යුතු මෙන්ම ඒවා ක්‍රියාත්මක කළ යුතුද වෙනවා. යන්න තියෙන එකම තැන පොලිසිය. එතැනට ගියාම වෙන්නේ වින්දිතයා චූදිතයා වෙන එක.

:       2       25

kotiyaThursday, 29 June 2023 01:26 PM

නීතිමගින් කටයුතු කරනකොට අවුරුදු 25ක්වත් යයි නඩුඅහලා මෙයාට දඬුවම් දෙනකොට... ඊට වඩා මිනිස්සු කැමැතියි වැඩේ කරපු එකාට ශොට් එක දීලා නඩුව තමුන්ම විසඳාගන්න. ආයි ශොට් එක දීපු එකාට විරුද්ධව නඩු ඇහුවත් අවුරුදු 25ක් විතර නඩුව යනවානේ...

:       0       0

පැරකුම්Thursday, 29 June 2023 07:36 PM

ඇයි කොල්ල විතරද වැරදි? කෙල්ල කොල්ලත් එක්ක ජඩ වැඩ කරලා ඇයි දැන් කොල්ලගේ පිටින් අරින්නේ? දෙන්නාටම දඬුවම් කළ යුතුයි.

:       0       0

Sampath Thursday, 29 June 2023 08:04 PM

කාගෙවත් ඡායාරූප... විශේෂයෙන්ම මේවා කොහොමද තව කෙනෙක් අතට පත් වුණේ..? ඒකට උත්තරයක් හෙව්වා නම් මේකෙ අගමුල සෙවීම පහසුයි.

:       0       0

Bunny Preena Friday, 30 June 2023 10:05 AM

තරුනියන් රවටා මුදල් ගරා ගැනීමේ චෙතනාවෙන් මෙවැනි දේවල් කරන එවුන්ගෙ අතපය කඩන්ට ඔනෙ කරපු පාහර වැඩගැන සඳහන් කරමින් පාරවල් ගානෙ හිගා කන විදියට. ‌මෙවැනි දේවල් කරන අනික් එවුන්ටත් පාඩමක් ඉගෙන ගන්ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site