IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


’’තීරණයේ වෙනසක් නෑ’’ ඛනිජ තෙල් අධ්‍යක්ෂ කියයි

(යොහාන් භාසුර)

‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ගෙවූ සියයට 3 වට්ටම් මුදල අඩු කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් බලශක්ති අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ තීරණයත් එයම වීම නිසා එම තීරණ වෙනස් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා අද (3) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන් සමඟ හෙට (4) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී සියයට 3 ක වට්ටම් මුදල අඩු කිරීමට අදාල පැහැදිළි කිරීමක් පමණක් කිරීමට බලාපොරොත්තු වන බව කී නෙත්තිකුමාරගේ මහතා පිරවුම්හල්හිමියන් රුපියල් 63,000 ක් පමණක් ලාභ ලබන්නේ යැයි ප්‍රකාශ අසත්‍ය මෙන්ම ඔවුන් ලක්‍ෂ ගණනින් ලාභ ලබන බව ද සඳහන් කළේය.

සියයට 3 ක වටට්ම අඩු කිරීම පිළිබඳව ජනමාධ්‍යයට ප්‍රකාශ දෙන බොහෝ පුද්ගලයන් ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් නොවන බවත් ඔවුන්ට වට්ටම පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් අදාල සමාගම් සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ මහතා කීය.

දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී අද පෙරවරු පැවැත්වීමට නියමිත සාකච්ඡාවට ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන්ට පමණක් ආරාධනා කර ඇති බවත් එම සාකච්ඡාවට වෙනත් පිරවුම්හල්හිමියන්ට සහභාගිවිය නොහැකි බවත් මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (4)

’’තීරණයේ වෙනසක් නෑ’’ ඛනිජ තෙල් අධ්‍යක්ෂ කියයි

ගුණරත්න Monday, 03 March 2025 06:16 PM

බිස්නස් කරන්න දන්නේ නැති උන් මේ. කඩේකට බඩු දාන්නෙත් වෙළෙන්දා ළඟටම බඩු ගෙනත් දීලා 1:1 තරම් ලාභ රෙට්ටුවක් දීලා බඩුව විකුනාගන්නවා. අපේ මෝඩ මරි මෝල් ආණ්ඩුවේ බිසිනොස් ලොක්කෝ තමන්ගේ බිස්නස් කඩාගන්නවා අරුන් වැඩියෙන් හොයනවා කියල, ඔය කුහක සමාජවාදී චින්තනේ තමයි මේ රටට වැදුණු හේනේ.

:       14       2

අරවින්ද මොණරවිල Tuesday, 04 March 2025 12:59 PM

රටේ වාසනාවට ගුණරත්න වගේ අය සීයට තුනට බැස්සේ, එහෙම නැත්නම් මේක බොහොම ඉක්මනට සූඩානයක් හරි බංග්ලාදේශයක් වෙනවා .

:       0       3

Mahajanathawa Monday, 03 March 2025 06:34 PM

හොඳ වැඩේ....... මේ විකාර ඔක්කොම නවත්තන්න ඕන.

:       1       10

THUSHARA WIJETHUNGE Monday, 03 March 2025 06:44 PM

නිවැරදි තීරණයක්

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 63 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 372 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා
2025 මැයි මස 14 261 0

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ


ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී
2025 මැයි මස 14 484 0

ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ


ධාවනය වූ බසයේ රෝදයක් ගැලවෙයි :හතරක් රෝහලට
2025 මැයි මස 14 473 0

නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික


පොලුවලින් පහරදී අයෙක් මරලා
2025 මැයි මස 14 442 0

දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1329 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1563 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 406 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site