(ප්‍රසාද් රුක්මල්)

නමුණුකුල මියනකදුර පොත්ගල ඔයේ අටේ වළේ මිතුරන් දෙදෙනකු සමඟ .දියනෑමට ගිය තරුණයකු ෙදියේ ගිලී මියගොස් ඇතැයි නමුණුකුල පොලිසිය පවසයි .

මොණරාගල අලියාවත්ත ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ප්‍රදේශයේ රැකියාවක නියුතුව සිටි ජෙයකුමාර් ඩිලක්ශන් (17) නැමති තරුණයකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය .

මොහු නිවාඩුවට නමුණුකුල බූටාවත්තේ සිය මාමාගේ නිවසට පැමිණ මිතුරන් දෙදෙනකු සමඟ නමුණුකුල මියනකදුර පොත්ගල ඔයේ අටේ වලේ දියනෑමට යාමේදී මෙසේ දියේ ගිලී මියගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය .