(අංජුල මහික වීරරත්න)
තරුණයින් ගොවිතැනට ආකර්ශනය කර ගැනීමේ වැඩ සටහන් සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට තීරණය කර තිබේ.
2024 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර එයින් මිලියන 1000ක් මේ සඳහා වෙන් කෙරෙනු ඇත.
ගොවිතැනට කැමති තරුණයින් 1000ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියනය බැගින් දී අපනයනය ඉලක්ක කර ගත් වගාවන් සඳහා යොමු කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලබන වසරේ දී ප්‍රධාන බෝග හතරකට ප්‍රමුඛත්වය ලබා දී වගා කෙරෙන අතර ඊට වී, බඩඉරිඟු, මිරිස් සහ අර්තාපල් අයත් වන බව අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඩ්ව්නම් හොන්ඩයි. එත් ඉතින් ඉස්සර වගෙ ඔවුන්ගෙන් චන්දෙන් බලාපොරොත්තුවෙන්න එපා. දේශපාලුවො කොච්චර උත්සහා කලත් දැන් හැදෙන කට්ටියට සමාජය තුලින් ලැබෙන බලපෑම් නිසාවෙන් දැනුමත් ලබෙනවා.
අක්කර 10ට වඩා වැඩියෙන් වගා කරන අයගෙ දරුවන්ට ඉල්ලන්න ඔනෙම පාසලක් දෙන්න ඔනෙ. 1000CC වලට අඩු වාහනයක් ටැක්ස් ෆ්‍රෙ ගෙන්නන්න දෙන්න ඔනෙ. නොමිලේ ඉන්ග්‍රීසි පාඨමාලාවල් පවත්වන්න ඔනෙ. ඔවුන්ගෙ රැකිය සුරක්ශිත කරන්න ඔනෙ. මෙව හරියට වෙනවද බලන්න...නියාමකයින් පත් කරන්නඔනෙ. නියමකඉන් හරියට වඩෙ කරනවඩ කියල බලන්න ආමතිය ඩිරෙcට් සෙට් වෙනන්න ඔනෙ
අපේ බදුසල්ලි විනාශ කරන තව වැඩක්... අර කක්කා නැවට සල්ලි දුන්නු එක හොයාගන්න බැරිව බොරු කිය කිය ඉන්නේ මේ මිනිහා කරන මිලියන 1000.... ඕකෙන් කීයක් සාක්කුවලට යනවද කියලා තමයි බලන්න ඕනෑ.
මොවුන්ගේ සිත් ජෙප්පෝ ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊර්ෂාවෙන් මුසපත් කරලා ඉවරයි. මොවුන්ගේ සිත් යහපතට යොමු කරන්න බැහැ. ඒ නිසා රටට විපතක් කරනතුරු බලාගෙන සිට ශ්‍රීමත් ප්‍රේමදාස ක්‍රමය අනුගමනය කරන්න. ඔය කෝටි 10 ට බල්ලන්ට ආප්ප අරන් දෙන්න. ඒ සතා ජීවිත කාලයටම ඔබට නකුට වනයි.