(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිරුවත අන්තර්ජාලයට මුදා හරින බව හමුදා මේජර්වරයකුට තර්ජනය කර බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කල්ලියක නව දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය කියයි.

ඒ අතර තරුණ අඹුසැමි යුවළක් ද වන බවත් , සෙසු සැකකරුවන්ද තරුණයන් බවත් පොලිසිය සඳහන් කරයි.

අන්තර්ජාලයේ ඇෆ් එකක් භාවිතා සමලිංගික ඇසුරු සඳහා මුදලට සේවය ලබාදෙන බව පවසා කඩවසම් තරුණයන් ගේ ඡායාරූප ද යොදා ගනිමින් මෙම ජාවාරම සිදු කර ඇතැයි පොලිසිය කියයි

ඒ අනුව මේජර් වරයා කෙටි පණිවිඩ හරහා අදහස් හුවමාරු කරගෙන මොරටුව ප්‍රදේශයේ අදාළ නිවස සොයා ගොස් තරුණයකු සමග සමීප ඇසුරක් පවත්වමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී ඇති සෙසු තරුණයන් පිරිස මේජර්වරයාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර වීඩියෝ කර තිබූ සෙසු තරුණයන් එය අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඔහු ගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.