IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘‘තර්ජන ගර්ජනවලට මා බය නෑ‘‘

(ඉන්දිකා රාමනායක)

මොන තර්ජනය එල්ල වුවද තමන් මත්කුඩු සහ පාතාල මර්දන කටයුතු ඒ අයුරින්ම සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

තමන් මෙම තනතුර බාරගත්තේ මත්කුඩු හා පාතාල මර්දනය වෙනුවෙන් බවත්, තර්ජන එල්ල වුවද, මර්දන සදහා ගත් කිසිදු අඩියක් පස්සට නොතබා ඉදිරියත් මේ අයුරින්ම කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මත්ද්‍රව්‍ය සහ සංවිධානත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුම් ඉදිරියේ මීටත් වඩා තදින් ක්‍රියාත්මක කරන බවත්, මොන ක්‍රමයකින් හෝ මත්කුඩු හා පාතාල මර්දන මෙහෙයුම් සිදුකර මේවා මෙරටින් තුරන් කරන ලෙසට ජනාධිපතිවරයා ද උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා කීය.

බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත් වු මෙහෙයුම් ඉතා සාර්ථක බවත් මෙම මෙහෙයුම් ඉදිරියේ තවත් සාර්ථකව කිරීම සදහා පොලිසිය සමග එක්වී අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙසට ජනාතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන් හා පාතාලයෙන් තමාට ජීවිත තරජ්නයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ වාර්තාවක් ලැබී ඇතැයි ද ඔහු කියා සිටියේය.

 



අදහස් (1)

‘‘තර්ජන ගර්ජනවලට මා බය නෑ‘‘

අම්බ් Tuesday, 23 May 2023 07:15 AM

මත් වතුර හොදයිද මාතියා? ඒ මත් වතුරෙන් බදු ලැබෙන නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site