
(ෂේන් සෙනෙවිරත්න )
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීයකොදෙව් ක්‍රිකට් පිල අතර පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගය අවස්ථාවේදී ක්‍රීඩා පිටියට කඩාවැදුණ පුද්ගලයෙකු පල්ලෙකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම තරගය සඳහා වැස්සෙන් බාධා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පන්දුවට පහර දීම සඳහා ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවේදී අධික බීමතින් සිටි බව කියන එම පුද්ගලයා එක්වරම ක්‍රීඩාපිටියට පැන පන්දුවට පහර දීමට පැමිණ සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ .
පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඳ නමස්කාර කිරීම සඳහා ඔහු ක්‍රීඩාපිටියට ඇතුළු වූ බවයි .
එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 22 හැවිරිදි තරුණයෙකි .
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තරඟය අතරතුර ක්‍රීඩාපිටියට කඩා වැදුණ තරුණයෙක් අත්අඩංගුව
Jarvo Pajaawo Monday, 21 October 2024 11:58 AM
කණට දෙකක් ගහලා ග්‍රවුන්ඩ් එකෙන් එළියට දැම්මා නම් උණ හොඳ වෙනවා.
Sugath Monday, 21 October 2024 12:50 PM
එල කොල්ලෙක්...ආතල් ගොඩයි!
Mr Don Tuesday, 22 October 2024 10:07 AM
පිස්සෙක්.