(යොහාන් භාසුර)
පිටකොටුව තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 195 ක් දක්වා පහත දැමූ බව පිටකොටුව තොග වෙළෙඳ සංගමය පවසයි.
පිටකොටුව තොග වෙළෙඳපොලේ තිරිඟු පිටි තොග පැවතීම හේතුවෙන් මෙසේ මිල රුපියල් 5 ත් 10 ත් අතර මුදලින් පහළ ගොස් ඇති බවත් මිල පහළ යෑම අඛණ්ඩව බලාපොරොත්තු විය නොහැකි බවත් එම සංගමය කියයි.
එම වෙළෙඳපොලේ තිරිඟු තිරිඟු පිටි කිලෝවක් රුපියල් 200 ත් 210 ත් අතර මිල මීට දින කීපයකට පෙර පැවැති බවත් එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට පරණ වෙච්චි පිටි කවන්න ද මංදා