
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ පිළිමයකට හානි කිරීමක් පිළිබඳ තොරතුරු ලැබුණු වහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
ආරක්ෂාව සඳහා එම පිළිමය එම ස්ථානයෙන් ඉවත් කළ බව කී අමාත්‍යවරයා එම පිළිමය නැවත අද තැන්පත් කරන ලෙස පොලිසියට උපදෙස් දුන් බවද සඳහන් කළේය.
ස්ථානයේ ආරක්ෂාව තහවුරු කර ඇතැයිද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ත්‍රිකුණාමලයේ ආරක්ෂාවට හානිකර තත්වයක් ඇතිවීමට ඉඩ නොදෙන බවද විජේපාල පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා ගැන කුඩා විශ්වාසයක් තිබුණානම් එය මොහුගේ බොරුවත් සමඟ අවසන් වූ වගය. බලෙන් බුදු පිළිමය රැගෙන යන බව පින්තුරු වල පැහැදිලිවම දුටුවා . එස් එස් පී ගේ හැසිරීමෙන් සහ තර්ජනයෙන් එය තවත් තහවුරු වේ .
එතන සිදු වුණ සියල්ල වීඩියෝ කරලා තියෙන බවත් ජනතාව උනේ මොකක්ද කියල දන්න බවත් මේ බෞද්ධ විරෝධී අමන ඇමැතිලා දැනගෙන කතා කලොත් හොඳයි. ඒ නිසා තවත් බොරු කියා වරිගෙ නහගන්න එපා
මොන ගින්න වුණත් කමක් නෑ ජාතිවාදි ආගම් වාදී ගින්න දෙන්න එපා
කොටි ඩයස්පෝරාව සමඟ එකගෙයි කෑමත්, සිංහල බෞද්ධ රට විනාශ කර හැරීමත් වර්ථමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ඇයිදැයි මම නොදනිමි...
ඇත්තටම බෞද්ධයින්ගේ හිත කලකිරවෙන දසුනක් අපි දැක්කේ. මහනායක උන්නාන්සේලා තවත් කට පියාගෙන ඉන්නවාද?
මහ මිනිහාටම හරියන කට්ටිය. බොරුවේ උපත මාලිමාව...
කාර්ල් මාර්කස්ලා ගේ දර්ශනය ආගම් වලට විරුද්ධ බව අපි දන්නවා. නමුත් මේක කාර්ල් මර්ක්ස්ගේ රටවත්, ඔහු ජීවත් වුන ශතවර්ශයවත් නොවේ.. මේක බුදුන් වැඩිය බහුතරයක් බුදු දහම අදහන රටක්..., ඔතැන බුදු පිළිමයක් තිබුණා කියලා කාටවත් කරදරයක් නැහැ.. දෙමළ මුස්ලිම් ඡන්ද ගන්න බුදු දහම පහළට දමන්න එපා... බුදු පිළිමයක් කියන්නේ මිනිස්සුන්ගේ සිත් සතන් පහන් කරන හොඳ දෙයක් එක ඔය මුහුදු වෙරළට හොඳට ගැලපෙනවා.. අවසර නැතිනම් බලධාරීන්ට පුළුවන් අවසර දෙන්න එතකොට ප්‍රශ්නයක් නැහැනේ... ඕක කවුරු හරි මුදල් උපයන චේතනාවෙන් හදන හෝටලයක් රෙස්ටුරන්ට් එකක් නොවේ ..
මෙයා බොරු කියන්න දන්නේ නැහැනේ.
කාලකන්නි ජෙප්පෝ. ජාතියක්, ජම්මයක්, ආගමක් නැති හැතිකරේ