
(සුගත් බද්දේගෙදර)
ත්‍රිකුණාමලය තෙල් ටැංකිවල තෙල් ගබඩා කර තෙල් අපනයනයට තම ආන්ඩුවක් යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක සහ එම පක්ෂයේ ඡනාධිිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කන්තලේ නගරයේ පැවති ජන රැළියක දී ප්‍රකාශ කළේය.
අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය.
ත්‍රිකුණාමලයේ තියෙනවා තෙල් ටැංකි අනූනමයක්. තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ඒවායේ ගබඩා කරන්නට පුලුවන්. අපිට නාන්නත් පුලුවන්, ත්‍රිකුණාමලය වරාය ඉතා වැදගත් තැනක තියෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් හදලා තෙල් පිරිපහදු කරලා වරායෙන් අපට මාර්කට් එකට යවන්න පුලුවන්. ඒක අපට තනියම කරන්න බෑ තෙල් සංස්ථාවයි ඒ වැඩේ කරන්න පුලුවන් ජාත්‍යන්තර සමාගමකුයි එකතු වෙලා තෙල් අපනයනය කරන්න කටයුතු කරනවා.
අසූවේ අගබාගේ ලංකාවට ඉන්දියන් හමුදාව ඇවිත් කඩවල්වලට ගිහිල්ලා එකතුකලේ මොනවද ! සබන් නේද? ඒ සබන් කන්න නෙමෙයි. එක්දාස්නමසිය අසූවේ අගබාගේ ඉන්දියන් හමුදාව ලංකාවට එනකොට එහේ ඒ ගොල්ලන්ට සබන් නෑ. එහේ සමහර පළාත් වල.
ඒ නිසා ඉන්දියන් හමුදාව මෙහේ සබන් එකතුකරනවා ඉන්දියන් හමුදාව නිවාඩුවට යනකොට එහේ අරන් යන්න. කියලා. පොල්තෙල් එකතු කලා. අපේ අය කිව්වේ එයාලා සබන් කාලා පොල්තෙල් බොනවා කියලා. පොල්තෙල් එකතු කලේත් එහේ අරන් යන්න. ඒ වැඩි ඈතක නෙමෙයි අසූවේ අග.
මට පසුගියදාක මල්වත්තේ අනුනායක හාමුදුරුවෝ මුණගැහුනා, උන්නාන්සේ මට කිව්වා ඒ කාලේ ඉන්දියාවේ කුඩයක් අරන් යනකොට කුඩේ බලන්න රැස්වෙනවාලු, එහෙම තිබුනේ ඉන්දියාව. අද කොහොමද ඉන්දියාව. අද හඳට යන ඉන්දියාවක්, මේ කළාපේ රෙදිපිළි හදන ඉන්දියාවක්, මේ කළාපෙට ඖෂධ, බයිසිකල් ත්‍රිෙරා්ද මෝටර්රථ හදන ඉන්දියාවක් මේ කළාපෙට බීජ, ලූණු මිරිස් හදන ඉන්දියාවක් බවට පත්වෙලා. ඒ ගොල්ල මොකද කලේ. ඒ නායකයින්ට දැක්මක් තිබුණා අපේ ඉන්දියාව කොහොමද නිෂ්පාදන ආර්ථිකයෙන් උඩට ගේන්නේ කියලා.
හැබැයි අපේ පාලකයින්ට තිබුණු දැක්ම මොකක්ද, නිෂ්පාදනයෙන් උඩට ගේන්න උනන්දුවක් නෑ. සීනි හදමින් තිබුණු කන්තලේ සීනි ෆැක්ටරිය වහලා දැම්මා. කඩදාසි හදමින් තිබුණු වාලච්චේන කඩදාසි කම්හල වහලා දැම්මා. කිරිපිටි හදමින් තිබුණු කිරි කම්හල, ඇඹිලිපිටියේ කඩදාසි කම්හල, තුල්හිරියේ , මත්තෙගොඩ, පූගොඩ රෙදිකම්හල් සියල්ල වහලා දැම්මා, ගම්මාණවල තිබුණු වීවින් මධ්‍යස්ථාන ඔක්කොම නැතිකරලා වහලා දැම්මා. ඒවා වහලා මොකද කලේ. ඒ ගොල්ල හැදුවා ආර්ථිකයක් බයින් ඇන්ඩ සෙලින්. ගේනවා විකුණනවා, ගෙනල්ලා විකුණන එක ලාබයි. ඉන්දියාව හදනවා අපි ගේනවා.
ඉන්දියාව බිත්තර හදනවා අපි බදිනවා, ඉන්දියාව බයිසිකල් හදනවා අපි පදිනවා. ඉන්දියාව ත්‍රිවීල් හදනවා අපි දුවනවා. ඉන්දියාව බෙහෙත් හදනවා අපි බොනවා.ඉන්දියාව ලූණබිරිස් හදනවා අපි උයනවා. මොකද උනේ අද ඉන්දියාව උඩට ගියේ මොකක් නිසාද! ඒ ගොල්ල නිෂ්පාදනය දිරිමත් කලා. අපේ අය නිෂ්පාදනය කඩා වට්ටලා බඩු ගේනවා විකුණනවා. ඇයි! ඇයි ඒ ගේන තරමට ලාබයි.


COMMENTS
තෙල් ටැංකි වලට අදාල ගිවිසුම් දැනටත් ක්‍රියාත්මකයි. ඒවා දීර්ඝකාලීන බද්දට ඉන්දියාවට දීලා තියෙන්නේ. මෙයා තනිකරම ගැලරියට බයිලා ගහනවා...
ආර්ථික විද්‍යාව අනුව රටක් සාපේක්ෂ වාසිය තියන ඒවා තමයි නිෂ්පාදනය කරන්න ඕනෑ. ඇයි ඇඟලුම් කර්මාන්ත ඉස්සරහට යන්නේ...? අහිංසක මිනිස්සු අන්දන්න එපා...
හරවත් කතාවක්. ඇත්තටම මොවුන් රට පාලනයට සුදුසුයි. අනවශ්‍ය ප්‍රශ්න මතුකරමින් මොවුන් කෙරෙහි අප්‍රසාදයක් ඇති කරවීමට උත්සාහ දරන අයගෙන් ප්‍රවේසම් වීමට මොවුන් පුරුදු විය යුතුයි. ඩොලර් සම්බන්ධ වැනි ප්‍රශ්ණ වලට එතරම් සාර්ථකව මයික්‍රොෆෝනයට පිළිතුරු දීමට නොහැකි වුවත්, ඇතැම් අවස්ථාවල හාස්‍යයට පවා ලක් වුවත් ප්‍රායෝගිකව එම ගැටළු වලට මුහුණදීමට මොවුන්ට හැකියාව ඇත. රටක් පාලනය කිරීමට අත්දැකීම් නොමැති බව මොවුන්ට එල්ලවන තවත් චෝදනාවක්. එහෙත් අත්දැකීම් නොමැතිව බලයට පත්ව සාර්ථකව පාලනය ගෙනගිය අවස්ථා ලෝකයේ බොහෝ ඇත. ඇතැම් කථිකයින්ගෙන් නොදැනුවත්කම ප්‍රදර්ශනය වුවද රජයක් ලෙස ක්‍රියාත්මක වීමේදී ඒවා විසඳී යනු ඇත...!
මහලොකුවට ඉන්දියාව දියුණු වුණු හැටි මෙහෙමයි කියලා වැලලෙන්න හැදුවාට, සිරිමාවෝ මැතිණිය අපේ රට ඒ තත්ත්වයට ගෙනෙන්න හදනකොට කාලකන්නි ජේවීපී තමයි ඒක මුලින්ම නැවැත්තුවේ 1971. ඊට පස්සෙත් 88/89 කාලෙ බස් ගිනිතියලා ට්‍රාන්ස්පෝමර් පුපුරුවලා විනාශ කෙරුවේ. දැන් ඒවා අතීතෙලු. හැබැයි 76 අවුරුද්දක් රට කෑවා කියලා ඔවුන් කියනකොට අතීතේ නෙවෙයි වර්තමානේ...
පුළුවන් නම් තෙල් ටැංකි ටික ඇමෙරිකාවට දෙයි. නිකන් ටොම්පච ගහන්න එපා අනුර...
ඔය කියන දේශීය කර්මාන්ත වැහුනේ, ඒවායේ නිෂ්පාදන පිරිවැයට වඩා පිටින් ආනයනය කරන භාණ්ඩවල පිරිවැය අඩුවීමයි. ඒකයි විවෘත ආර්ථිකයක පාරිභෝගිකයාට තියෙන වාසිය. මේ මනුස්සයා හදන්නේ ආයෙත් '70 ගණන්වල තිබුණු බඩු හිඟ "පෝලිම් යුගයට" යින්ටයි.
සුද්දෝ ලෝක යුද්ධය කාලේ හදවපු තෙල් ටැංකි ටිකක් තියාගෙන ලෝක තෙල් වෙළඳාම පාලනය කරන්න උත්සාහ කරන මෝඩ ජාතියක්. පක්‍ෂවල ජාතික ප්‍රතිපත්තියටත් ඒක ඔබාගෙන. අලුත් තාර්කික යෝජනා ගේන්න බැරිතරම් ලාංකිකයෝ මෝඩද?
ඉස්සෙල්ලා ජෙප්පන්ව දාලා අවුරුදු සිය ගාණක් පරණ මලකඩ හූරන්න වෙයි මාස ගාණක් අරන්. ඊට පස්සේ ඒවා තෙල් ගබඩා කරන්න පුළුවන් මට්ටමට ගේන්න තව කෝටි ගාණක් වියදම් කරන්නත් වෙයි සහෝදරයින්ගෙන් ආධාර අරන්. ඊට පස්සේ තෙල් ගෙනැල්ලා ගබඩා කරලා පාඩුවත් පියවාගෙන මිල නියම කළාම කිසිම කෙනෙක් ගන්නෙත් නැති වෙයි. අනේ මෙහෙමත් මොල...!
නිකං සුරංගනා කතා කියන්න එපා අනුර... ඛණිජ තෙල් වැනි අභාවයට යන ව්‍යාපෘති ගැන හීන පෙන්නලා අද ජනතාව අන්දන්න බෑ. අන්තිමට අපට තවත් සුදු අලියෙක් හදන්න එපා. ඔහේලාට තියනවයි කියන බුද්ධිය ඕකද?