(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර රාජ තාන්ත්‍රික සබඳතාවලට වසර 75 පිරීම නිමිත්තෙන් එය සැමරීම සඳහා විශේෂ සමරු මුද්දරයක් තුර්කියේ අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මියගේ නිල නිවසේදී පසුගිය 8 වැනිදා එළි දක්වීය.

එම අවස්ථාවට සමගාමීව කොළඹ දී ද එවැනිම මුද්දරයක් එළි දක්වා ඇත.

දෙරට සඳහාම මුද්දර නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ කලාකරු වසන්ත පෙරේරා විසිනි.

මෙය ශ්‍රී ලාංකික කලාකරුවකු විසින් විදේශීය මුද්දරයක් නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව මෙන්ම තුර්කි මුද්දරයක් විදේශිකයකු විසින් නිර්මාණය කරනා ලද ප්‍රථම අවස්ථාවද මෙය විය.