
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මියගිය 34 දෙනාගෙන් විසි දෙදෙනකු කුඩා දරුවන් බව පැවැසෙයි. ඉතිරි 12 දෙනා වැඩිහිටියන්ය.
වෙඩි තැබීම කර ඇත්තේ සේවයෙන් නෙපරා දැමුණු පොලිස් නිලධාරියකු බවත් වෙඩි තැබීමෙන් පසු පලා ගිය පසුව වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බවත් පොලිසිය කියයි. මෙම නිලධාරියා මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඊට වරදකරුවකු වූ අයෙකු බව ද පැවැසෙයි.
එම පොලිස් නිලධාරියා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට කඩා වැදී වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.
තායිලන්තයේ මේ අයුරින් වෙඩි තැබීම් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. මීට පෙර, එරට මෙලෙස වෙඩි තැබීමක් සිදුවූයේ 2020 දීය. එම අවස්ථාවේදී 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 57 කි. එම වෙඩි තැබීම ස්ථාන හතරකදී සිදුවිය.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd