
(ටී.කේ.ජී.කපිල)
තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් වීමට නියමිතව තිබූ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10කට අධික කාලයක් ප්‍රමාද වීමකට ලක් වී තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය අද දින අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි .
එහෙත් මෙම ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකින් අද දහවල් 11.37 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබේ .
එසේම තායිලන්තයේ බැංකොක් නුවර සිට අද උදෑසන 10.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානය පැමිණෙන නිශ්චිත වේලාවක් නොමැතිව ප්‍රමාද වී තිබේ .
එයට හේතු වී ඇත්තේ මෙසේ කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රමාද වී පිටත්ව ගිය ගුවන් යානය තායිලන්තයට ගොස් යළි ආපසු පැමිණිය යුතු නිසාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව දැන් රජයක් කියලා එකක් නැද්ද? හැම ආයතනයක් ම තමන්ට ඕනෑ විදිහට වැඩ මග හරින්නේ. මේ සේරම රටේ ආර්ථිකයට බලපාන දේවල්...!
මේවා තමයි නියම නාටක. රටම පාච්චල් කරන්නේ නැතිව ඕක විකුණලා දැම්මා නම් හොඳයි...!
වැඩි කාලයක් යන්න ඉස්සර විකුණලා දාන්න වෙයි වගේ? මෙම ගුවන් සේවය බන්කොළොත් වෙනතැනට වැඩ සිද්ද කෙරුවේත් දූෂිත, බලලෝභී දේශපාලුවෝ...?
අනේ අපේ ගුවන් සේවයත් එහෙනම්, දුම්රිය දෙපාර්තමේන්තුවේ තත්ත්වයටම පත්වුණා..
අනේ අපේ ගුවන් සේවයත් එහෙනම්, දුම්රිය දෙපාර්තමේන්තුවේ තත්ත්වයටම පත්වුණා.