(ඉන්දිකා රාමනායක)

වැල්ලම්පිටිය, වෙලේවත්ත කොටුවිල ප්‍රදේශයේ නිවසක කඩු, මන්නා පිහි සහ කිනිසි රැගෙන සැඟව සිටි සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මොවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20-27 අතර වයසේ පසුවන්නන් බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

සංවිධානාත්මක කල්ලිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරට අනුයුක්තව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂව සම්බන්ධයෙන් යොදා ඇති දිවා යතුරුපැදි සංචාරක රාජකාරි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව  මෙම වැටලීම සිදුකර සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

ඔවුන් කිසියම් අපරාධයක් කිරිමේ චේතනාවෙන් ඒ සදහා සුදානමි වෙමින් මෙලෙස කඩු, මන්නා පිහි සහ කිනිසි සන්තකයේ තබාගෙන සිට ඇති බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.