(ෂේන් සෙනෙවිරත්න)
තායිලන්තයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට ත්‍යාග ලැබුණ තායි රාජා හස්තියාගේ රුධිර සාම්පල කිහිපයක් තායිලන්තයෙන් පැමිණි පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් ලබාගෙන තිබෙන බව පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි .
එම හස්තියාට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන වෛද්‍යවරයා වන තමන්ව දැනුවත් නොකර මේ ආකාරයට රුධිර සාම්පල ලබා ගැනීම වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බවත් ඔවුන් උත්සහා කරමින් සිටින්නේ කුමකටද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙන බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පවසයි .
මුතු රාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන යාමෙන් පසු තායි රාජා ද රැගෙන යාමේ උත්සාහයක් පවතින බවට රාවයක් පැවතුණු නමුත් තායිලන්ත තානාපතිවරයා එය එම අවස්ථාවේදී ප්‍රතික්ෂේප කොට තිබුණි .
මුතු රාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන ගිය උණුසුම පවතිද්දී මෙයට වසර 37 කට පෙර දළදා මාළිගාවේ ඇත් පන්තියට තායිලන්තයෙන් ත්‍යාග වශයෙන් ලැබුණු තායි රාජා හස්තියාගේ සුව දුක් විමසීම සඳහා තායිලන්ත තානාපති එච්. ආර්. හර්න්පෝල් මහතාද මහනුවරට පැමිණියේය .
ශ්‍රී දළදා මාලිගාවට අයත් පල්ලේකැලේ පිහිටි ඇත් ගාලේ බැඳ සිටි තායි රාජා හස්තයාගෙන් තමන්ට නොදන්නා රුධිර සාම්පල් ලබාගත් එම තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායම තමන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කළ බවත් වෛද්‍ය ආචාර ධර්ම නොපිළිපදින එම කණ්ඩායම සමග සාකච්ඡා කිරීම තමන් ප්‍රතික්ෂේප කළ බවද මහාචාර්යවරයා පැවසීය .
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තායි රාජා හස්තියාගේ ලේ හොරෙන් අරන්
WCA Monday, 18 December 2023 08:36 AM
මෙහෙ එකාලගේ මොනවා නැතත් උද්දච්ච කම නම් අඩුවක් නෑ
kumara Monday, 18 December 2023 08:48 AM
ඈක්කා... ලංකාවෙ ඩොකාලා ගොඩක් අය ඔහොම්මමයි. චික් විතරක්. සතාට බෙහෙත් කරන්නෙත් නෑ. හැබැයි ලබ්බෙ ලොකුකම නම් තියෙනව අහස උසට. මානය පාපයක්. වැඩේ කරහං යකෝ රගන්නැතිව.
අලියා Monday, 18 December 2023 09:28 AM
මුගෙ තියෙන අහන්කාර කම හින්දා වෙන්න ඇති හොරෙන් අරන් ඇත්තෙ. තයිලන්තයෙන් හස්ති නෙවේයි, ලෙඩි බොයි ලව තමා තැගි දෙන්න තිබ්බෙ. කිලොමිටර 5000 එහා ඉපදුන සද්දන්ත ඇතා උනත් කරුමෙ ගෙවාගන්න ඒපයි. මුතු රාජා හස්තියාගෙ කරුමෙ නම් යන්තම් ගෙවා ගත්තා.
Rata Perata Monday, 18 December 2023 01:18 PM
මුන් මහාචරිය උනාට මානසික ලෙඩ්ඩු වගේ. ඔක මෙතන කියන්නෙ නැතුව ගත්ත උන් එක්ක කතා කරල බලපන්කො.