
(ෂේන් සෙනෙවිරත්න)
සියම් රජතුමා දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාමට උත්සාහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා පවසයි .
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දුන් තෑග්ගක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන බවයි .
තායි රාජා හස්තියා ලංකාවට ගෙනැවිත් අවුරුදු 37 ක් වන බවත් මේ දක්වා ඇතා සුවයෙන් පසුවන නමුත් ඇතා ගැන වැරදි තොරතුරු එන්ජීඕ නඩ විසින් තායිලන්තයට සපයන බවට දැනගන්නට ඇතැයි ද දියවඩන නිළමේ වරයා පවසයි .
ශ්‍රී දළදා මාලිගාවට ඇත් පැටවකු පූජා කරන ලෙස රට භූමිපෝල් මහ රජතුමාගෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ගේ අනුදැනුම ඇතිව තමන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එරට රජතුමා ඇතුළු රජ පවුලේ සාමාජිකයන් විසින් 1986 වසරේදි තායි රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කළ බවත් මෙම ඇත් පැටවා ඇමෙරිකාවේ යුධ ගුවන් යානාවකින් මෙරටට රැගෙන ආ බවත් හිටපු දියවඩන නිලමේවරයා පවසයි .
ඒ සඳහා එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ විශේෂ අවසරය හිමි වූ බවත් ඇමෙරිකානු යුද ගුවන් යානාවක් ලංකාවට ඒම සම්බන්ධයෙන් ඒ කාලයේ විශාල කලබලයක් ඇති වූ බව ද නිලමේවරයා පවසයි .
එම ඇත් පැටවා ගෙන ආ දින සිට පසු වෛද්‍ය විජිත කුරුවිට මහාචාර්ය නෙවිල් සිල්වා සහ වෛද්‍ය අශෝක දංගොල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ හැදුන වැඩුන බවත් තායි රාජා ට කිසිම හිරිහැරයක් නොවන බවත් පවසන හිටපු දියවඩන නිලමේවරයා මුතු රාජා හස්තියාගේ ප්‍රශ්නය මත තායිලන්තයෙන් දුන් ඉතුරු ඇතුන් දෙදෙනා ද ආපසු ගෙන්වා ගන්නා ලෙස එන්ජීඕ සංවිධාන හඬ නගමින් සිටින බව ද පවසයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩත්තු දීලා ගෙනියන්න ඉඩ තියෙනවා මහත්තයෝ.... දන්නවනේ NGO වැඩ ඔන්න දීලා දාලා නිකන් ඉන්න....
තෑග්ග ආපහු ඉල්ලුවේ දළ දෙක කපාගන්න නෙවෙයිනේ... සිහි බුද්ධිය ඇත්නම් මෙවන් කථා නොකියා ඉන්න.
අපේ රටේ මෙච්චර අලි ඉඳිද්දී මොන එහෙකටද අපි අනුන්ගෙන් ඉල්ලන්නේ...?
ඔබ "තායි රාජා" හොඳින් බලාගන්නේ නම්, ප්‍රශ්නය පැනනගින්නේ නැත!
ඇත්තටම තායිලන්තය ලංකාවට ඉතාමත් ලැදියාවක් තියෙන රටක් මෙන්ම ථේරවාදී බෞද්ධ රටක්. ඉතින් අන්‍යාගමික පුද්ගලයින් කරන්න හදන්නේ කොහොම හරි රටවල් දෙක විරසක කරලා බුදු දහමට හානියක් කරන්න කියලා හිතෙනවා.. ඒත් මුතුරාජා ගෙනගියේ එම ඇතාට තුවාල නිසා කියලා කිව්වත් එම ඇත්ගොව්වා අන්‍යාගමික පුද්ගලයින් විසින් කිසියම් ආකාරයකට සතුටුකර සතාට හිංසා කළාද කියලා හිතෙනවා. ඒ ගැන පරීක්ෂණයක් රටට හා බුදුදහමට ලැදියාවක් තියෙන පාලකයින් ඉන්නවා නම් කරන්න ඕනෑ කියලා තමයි කියන්න වෙන්නේ...
එතකොට අපේ අලි?
හැම දේම පිටරටින් යැපෙන අපිට අලියත් රටින් ගේන්න උන එකේ පල විපාක .ලංකාවේ අලි නැද්ද
මේ ඇතා හොදින් ඉන්නවා නම් අවුලක් නැහැ. හබැය් මින් ඉදිරියට සිරි ලන්කාවට සත්තු එවන එක වහාම නවත්තන්න ඕනෙ. මෙහෙ මොන සතෙකුටවත් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් දැන් නැහැ.
නෙරන්ජන් මහත්තයෝ ,මිත්‍ර රටවල් සමග මීට වඩා සුහදශීලීව කටයුතු කලොත් හොඳයි .බොරු සද්ද බද්ද දාලා සවුත්තු වෙන්නේ නැතුව
ලොරි ටොක් දෙන්න නම් කට්ටිය ඉන්නව වගෙ! ඇයි අර සතාව එ රටෙන් සියලු වියදම් දරල අයෙ ගෙන්න ගත්තෙ උන්ට සල්ලි වලට කරන්න දෙයක් නැති හින්දද? එක කුහුම්බියෙක් ලන්කාවට එවන්න නරක්යි සියලු ගමන් වියදම් හා අනෙකුත් වියදම් අය නොකර. එහෙම සල්ලි අරගෙනත් එවන්න ඔනෙ ලොක සත්ව හින්සන පනත්වලට අණුකූලව, උපරිම දඩුවම් සහිත ගිවිසුම් ගහලා.
විසඳුම මෙය නොවේ. රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා එය නිරාකරණය කිරීමට උත්සාහ කරන්න
ඇතාට හෙන්ඩුවෙන් අනින් නැතුව ආදරෙන් සලකපං
ලංකාවේ ඉපදෙන පොඩි ඇත් පැටවෙකුටවත් නිදහසේ ජීවත් වෙන්න නැහැ.දළ යුගලට තියන තණ්හාවට ඒ සත්තුන්ව මරනවා .පිට රටවලින් ඇත්තු ගේනවා .උන්ට සලකන්නෙත් නැහැ .මේ වගේ කාලකන්නි ඉන්න රටක්
නැවත මව්රටට යවන්න... මෙහෙ වදහිංසා කරනවා.
උද්දච්ච මෝඩකමට බෙහෙත් නැත. රටට අපකීර්තිය ගෙනඒමට තවත් උත්සාහයක්...
ඇතා ඔබතුමාගේ කාලයේ ගෙනාවාට දැන් ඉන්නේ වෙන අයගේ භාරකාරත්වයේ..., හැම මනුස්සයාම එක වගේ අලින්ට සලකන්නේ නැහැ... විශේෂයෙන් අලි ගොව්වන්... සතාට හානියක් වෙනවා නම් ආපසු දුන්නු අයගේ භාරයට ගන්න එකේ වරදක් නැහැ. දරුවෙක් වුණත් හදාගන්න දීලා ඒ දරුවාට දෙමාපියන් නොසලකා ඉන්නවා නම් ආපසු පරිවාසයට ගන්නවා. එහෙම නැතුව ඕනෑ දෙයක් කරන්න නෙමෙයි දෙන්නේ...!
ලංකාවේ හීලෑ අලින් සම්බන්ධයෙන් මීට වඩා අධීක්ෂණයකින් යුතුව රැකගත යුතු කාලයක් උදාවී ඇති හෙයින් මේ සතුන් භාරකාර මණ්ඩලයක් මගින් පාලනය කල යුතුබ මගේ හැගීමයි...